යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් වසරක් වැනි කාලයක් ඇතුළත රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්ට එරෙහිව පියවර ගත් ICC ජාත්‍යන්තර

අපරාධ අධිකරණය, පලස්තීනයේ 'සමූල ඝාතනය' පිළිබඳව මෙතෙක් ඊශ්‍රායලයට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට පැකිලෙන බවට පලස්තීනය චෝදනා කරයි.

ජාත්‍යන්තර අධිකරණයේ මේ හැසිරීමට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල බලපෑම බවට කොළඹ සිටින පලස්තීන තානාපති සුහයීර් සයීඩ් චෝදනා කළේ 'සරෝජ් සමග සංදේශය' (Sandeshaya by Saroj) යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන් 'සමූල ඝාතනය' ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 07 වෙනි දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පරහාරයක් එල්ල කිරීමට බොහෝ කලෙකට පෙර බව පෙන්වා දුන් ඔහු, ඊශ්‍රායලය මේ වනවිට ගාසා තීරයේ වැසියන්ට එරෙහිව පස් වතාවක් යුද ප්‍රහාර එල්ල කොට තිබෙන බව පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රීපාල සිරිසේන වැනි දේශපාලන නායකයින් සමග තමන් සමීපව සබඳතා පවත්වන බව සඳහන් කළ පලස්තීන තානාපතිවරයා, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කලක් මුළුල්ලේම පලස්තීනයේ සමීප මිතුරෙකු බව අවධාරණය කළේය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පැමිණියේ පලස්තීන තානාපති කාර්යාලයට බව සිහිපත් කළ පලස්තීන තානාපති සුහයීර් සයීඩ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්රායලයට හිතවාදී නායකයෙකු ලෙසින් සැලකෙන ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.

ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කෙරුණු ජනතා නැගිටීම, 'අරගලය' පිළිබඳව සිය ස්ථාවරය ද ඔහු විස්තර කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්