බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා

නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද (11) ප්‍රකාශයට පත්කර තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනවාරි 09 දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එදිනම (09) පස්වරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබිණ.

 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත්විය.

1) වඩිවේලු සුරේෂ් - මනාප 49,762
2) ඒ. අරවින්දකුමාර් - මනාප 45,491
3) චමින්ද විජේසිරි - මනාප 36,291


ඔවුන් තිදෙනාට පසු වැඩිම මනාප හිමිව තිබුනේ නයන වාසලතිලක ටයි. ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 31,307කි.

අද දිනයේ ප්‍රකාශයට පත්ව ඇති ගැසට් නිවේදනය පහතින් පළවේ.

ksgsdf

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්