සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ, වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000 ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, E.C.G .ශිල්පීන්, E.E.G ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට එක්ව සිටියේය.

වැඩ වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව ඊයේ (11) දිනයේත් දැඩි පීඩාවට ලක්විය.

රුපියල් 35,000 ක දීමනාවක් ඉල්ලා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අද පෙරවරු 6.30 ට අවසන් කෙරුණි.


''ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග''


ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් රෝයි ද මැල් පැවසුවේ, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ, මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවය.

මේ අතර අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී අමාත්‍යවරයා වෙත පවතින තත්ත්වය සහ සිය යෝජනා ඇතුළත් ලිපියක් භාරදීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත ප්‍රකාශ කළේය.

විවිධ පැලැස්තර දැමීමේ ප්‍රතිපත්ති හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ විෂමතා රැසක් නිර්මාණයවී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ද සඳහන් කළේය.

කෙසේවුවද වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කටයුතු කිරීම පිළිබඳ වෘත්තීය සමිති වෙත මහජන අප්‍රසාදය එල්ලවී තිබේ.

වර්ජනය හේතුවෙන් බිඳවැටුණු සෞඛ්‍ය සේවාවේ කටයුතු යම් ප්‍රමාණයකට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව මේ වනවිට සේවයේ යොදවා ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්