දීර්ඝ කාලීන දඬුවම් කිරිම වෙනුවට වැරදිකරුවන් පුනුරුත්ථාපනයට කර යහමාර්ගයට ගෙන සමාජගත කිරීම

වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

බන්ධනාගාර ගතව සිර දඩුවම් විඳින රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමට අදාල නීති සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී 11 බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාවකට එක්වු විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා මේ බව පවසා ඇත.

එවැනි පුනරුත්තාපන ක්‍රියාවලියක් හරහා බන්ධනාගාරවල පවතින තදබදයට විසඳුමක් ලැබෙන බව අමාත්‍යවරයා පැවසු බවයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.


ජාවාරම්කරුවන් නොවන, නමුත් මත්ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඬුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඬුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

 

දඬුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට බලයක් නොමැති බව පෙන්වා දී ඇති ඇමැතිවරයා, නඩු තීන්දු ලබා දීමේ දී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුකර ඉදිරි නඩු තීන්දු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි අවධාරණය කර ඇත්තේ.

මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංග කරවිට ඇතුළු පිරිසක් මෙන්ම බලපත්‍ර මණ්ඩල කමිටුවේ සහ විශේෂ සමාව ප්‍රධානය කිරීමේ කමිටු වල සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්වු බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

Wijedasa R

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්