අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න රජයේ ඉඩමක් අනවසරයෙන්

භුක්ති විඳිමින් සිටින බවත්, එම දේපොළ 2024.02.24 දිනට හෝ එදිනට පෙරාතුව උඩපළාත් ප්‍රාදේශීය කොට්ඨාශයේ අංගම්මන බටහිර ග්‍රාමනිලධාරිවරයා වෙත භාර දෙන ලෙස දැනුම් දෙමින් උඩපළාත් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න එයින් එම දේපොළෙහි දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.  

මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගම්පොළ පාලම අසල පිහිටි මෙම ඉඩමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකර පවත්වා ගෙන යන අතර හිටපු අගමැති දි.මු. ජයරත්නගේ කාලයේ සිට මෙය පවත්වා ගෙනැවිත් ඇත.

මෙම දේපොළ පෞද්ගලිකව භුක්ති විඳිනවා සේම එහි ගොඩනැගිලි ඉදිකර ඇත්තේ රාජ්‍ය  මූල්‍ය ප්‍රතිපාදන යොදවා බවත් එකී ගොඩනැගිලි කුලියට දී ලක්ෂ ගණනින් මුදල් උපයා ඇතත් ඒවායින් සතයක්වත් රජයට ගෙවා නැති බවත් හෙළි වී තිබේ.

උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් උක්ත දේපොළෙහි ප්‍රදර්ශනය කර ඇති දැන්වීමේ සඳහන් වන්නේ මෙලෙසය.

1983 අංක 29 දරණ පනතින් සංශෝධිත 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු ගැනීම) පනත (අ) ආකෘතිය අස් කිරීමේ දැන්වීම


රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ කාර්ය සඳහා නිසි බලධරයකු වූ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න වන මම අනුරාධ ලංකා ජයරත්න වන ඔබ මෙහි උපලේඛනයේ විස්තර කර ඇති රජයේ ඉඩමේ අනවසරයෙන් සන්තකය දරණ බව පදිංචිව සිටින  බව මගේ මතය හෙයින් එම පනතේ 3 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව (අ) ඔබේ යැපෙන්නන් කිසිවකු වෙතොත් ඔවුන්ද සමඟ ඒ ඉඩම අත්හැර යන ලෙසද සහ (ආ) ඒ ඉඩමේ ර මෙම පනතේ කාර්යයන් සඳහා නියම කර ඇති බලධරයකු වන මා වෙත හෝ 1164 අංගම්මන බටහිර වසමේ ග්‍රාමනිලධාරි චමින්ද ප්‍රභාත් සඳරත් වෙත භාර දෙන ලෙස අනුරාධ ලංකා ජයරත්න වන ඔබට නියම කරමි.

මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගෙන් විමසූ විට පැවසුවේ තමන් 2020 වසරේ දී සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු වලින් ඉවත් වූ බවයි. එනිසා ප්‍රාදේශීය ලේකම්වරිය ඇලවූ ඉවත් වීමේ නියෝගයක් පිළිබඳ දැන්වීමක් ගැන තමන් නොදන්නා බවයි.

දි.මු. ජයරත්න අගමැතිතුමාගේ කාලයේදී මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කර මණ්ඩලයක් මගින් පාලනය වූ බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

සටහන :
Nimal Abesinghe(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් අබේසිංහ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්