පවතින බැරෑරුම් තත්වයෙන් රට මුදවාගෙන ඉදිරියට ගෙනයාම සඳහා දේශපාලන පළපුරුද්ද මෙන්ම දැනුමින් සන්නද්ධ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ වන විට විවිධ කතා කියමින් ජනාධිපති අපේක්ෂකයන් රැසක් ඉදිරිපත්ව සිටියත් මීට මාස 16කට පෙර රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපෑ අවස්ථාවේ එම අභියෝගය බාරගැනීමට ඒ කිසිවකු ඉදිරිපත් නොවූ බවද ඔහු සිහිපත් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  මේ බව සඳහන් කර සිටියේ යෝජිත ජනාධිපතිවරණය සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.


" මීට මාස 16කට පෙර රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදුන්නා. ඒ අවස්ථාවේ එම අභියෝගය බාරගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. නමුත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස ඒ අවස්ථාවේ හිටපු රනිල් වික්‍රමසිංහ මහතා බය නැතුව එම අභියෝගය බාරගත්තා. ඒ වගේම ඔහු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහයෝගය ඇතුව රට ගොඩනගන වැඩපිළිවෙල දියත්කරා. පෝලිම් අවසන් කරා. ඖෂධ ප්‍රමාණවත් පරිදි සැපයුවා. ඉන්ධන - ගෑස් හිඟය යථා තත්වයට පත්කළා. ඒ වගේම මේ පුංචි ලංකාව ලෝකයට එක්කළා.


මේ වෙනකොට, අර  රෝගියා යම් ආකාරයට සුවය ලබමින් ඉන්න කොට ගොඩ වෙද්දු ඇවිත් ප්‍රතිකාර කියනවා වගේ, ජනාධිපති වෙන්න බලාගෙන විවිධ අය විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. නමුත් අභියෝගය පැමිණි අවස්ථාවේ ඔය කවුරුත් හිටියේ නෑ. ඒ නිසා රට තිබෙන මේ බැරෑරුම් තත්වය තේරුම් අරගෙන , මේ තත්වයෙන් රට මුදවා ගෙන ඉදිරියට ගෙන යන්න නම් ඊට අවශ්‍ය අත්දැකීම් වගේම දැනුමින් සන්නද්ධ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දීම අවශ්‍යයි. එහිදී  බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස එතුමා ඉදිරිපත් විය යුතු බවයි. ඒ තමයි සුදුසු. ඒ අනුව ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව සතුටින් දැනුම් දෙනවා.

ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය ඊට සහය දෙමින් 2024 ජනවාරි 01 වනදා  ගමනකට අවතීර්ණව සිටිනවා. අපේ තිබූ වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් මේ අලුත් ගමන ආරම්භ කර තිබෙනවා. දැන්  පක්ෂය යථා තත්වයට පත්ව සිටින්නේ. අලුත් මුහුණු, පළපුරුද්ද වගේම  ක්‍රියාශීලී ලෙස ජනතා විශ්වාසය රැකෙන ආකාරයට කටයුතු කරමින්  පක්ෂය වගේම අනිත් පක්ෂ ද  එක්කරගෙන රටේ තිබෙන බැරෑරුම් ප්‍රශ්න වලට උත්තර සපයන කර්තව්‍යට අප පිවිස සිටිනවා.

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්