ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවැල්ල ගේ භෂ්මාවශේෂ ඊයේ දිවයිනට රැගෙනවිත් තිබේ.

ඔහු ගේ භෂ්මාවශේෂ පෙබරවාරි මස 24 (සඳුදා) දා මිහිදන් කිරීමට නියමිතව ඇති අතර ඊට පෙර දහවල් 12.00 සිට සවස 6.00 දක්වා මහජන ගෞරවය වෙනුවෙන් කොළඹ බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ (Jayaratne 'Restpect' Funeral Parlour) තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

මනෝ තිත්තවැල්ල ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සභාපතිවරයා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම, පසුගිය ආණ්ඩුවේ සංහිදියා යාන්ත්‍රණ පිළිබද ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ඔහු, 2003 වසරේ සිට 2005 වසර දක්වා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

ක්‍රමෝපාය ව්‍යවසාය කළමනාකරණ ආයතනය හෙවත් ‘සේමා’ ආයතනයේ ප්‍රථම සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ ඔහු ජාතික ආර්ථික සංවර්ධන මණ්ඩලයේ සහ ජාතිය ගොඩනැගීමේ කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරනු ලැබිය.

රාජ්‍ය සේවයේ ඔහු හෙඹවූ තවත් තනතුරක් වූයේ ‘පර්ක්’ හෙවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයයි.

සබැඳි පුවත් :
 

මනෝ තිත්තවැල්ල කල්පවත්නා සාමයක් වෙනුවෙන් කැප වුණ කෙනෙක් 

මනෝ-අයිවන් හා නෝන්ජල් රනිල් - මනෝ තිත්තවැල්ලගේ හදිසි අභාවයෙන් පසු උවිඳු ලියූ සටහනක් 

මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්