රිය අනතුර සිදුවෙන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග සිටි ආරක්ෂක නිලධාරියා

වන්නේ පොලිස් කොස්තාපල් අනුරුද්ධ ජයකොඩි මහතාය.

ඔහු ද එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණි.

මහව ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන ඔහු රාජ්‍ය අමාත්‍යවරයා සිටි අසුනට පිටුපස අසුනේ සිට තිබුණි.

xfdgret4රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර  පැවසුවේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.


ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (ජනවාරි මස 25 වෙනිදා) අලුයම දෙකට පමණ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු ජීප් රථය අධිවේගී මාර්ගයේ කඳාන පොලිස් බල ප්‍රදේශයේ 11.1 සැතපුම් කණුව අසලදී කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

කන්ටේනර් රථයේ පසුපස ගැටීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේහි ද ගැටී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේය.

අනතුරින් එම රථයේ ගමන් කරමින් සිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, එතුමාගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් සහ රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබිණ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව  පොලිස් කොස්තාපල්වරයා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පැවසීය.

රාගම රෝහලේ අධ්‍යක්ෂක ලියනගේ රණවීර පැවසුවේ රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බවයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්