වර්තමානය වන විට රටේ පවතින්නේ පොලිස් රාජ්‍යයක් බවට විපක්ෂ නායකවරයා චෝදනා කර තිබේ.


ඒ තුළ මර්දනය ගර්ජනය හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් මිනිසුන්ගේ විවිධාකාර වූ ගනුදෙනු තෝරා බේරා ගැනීමේ ක්‍රමය විය යුත්තේ ශාරීරික හානි ප්‍රචණ්ඩත්වයේ මැර ප්‍රහාර නොව සාකච්ඡාවෙන් සම්මුතියෙන් අවබෝධතාවෙන් හා එකඟතාවෙන් කටයුතු කිරීම බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 75 වැනි අදියර යටතේ මාතර අතුරලිය ජේ ආර් එස් අල්මේදා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර කට්ටලයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

“ලක්ෂ 220 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින විට රාජ්‍ය කේන්ද්‍රීය ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය, පහරදීම් සිදුවූ බවත් ඒවා නූතන ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් භාෂණයේ, දේශපාලනය කිරීමේ, පාදයාත්‍රා යාමේ, වර්ජනය කිරීමේ නිදහස සෑම පුද්ගලයකුටම හිමි අයිතිවාසිකමක් වුවත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් නොව ඒකාධිපති රාජ්‍ය තන්ත්‍රයක්.”

සමාජයේ සහ දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්‍රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීත්වයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකගතාවෙන් ගැටලුවලට විසදුම සෙවීම දූදරුවන්ට ඉගැන්විය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

 (චතුරංග මේදිස්)
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image