ජනහණයෙන් 52 % ක් කාන්තාවන් වූවද ඡන්ද දායක ලයිස්තුවේ 56 % ක බහුතරය

කාන්තාවන්ට හිමිව තිබුන ද, රටේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනයේ දී කාන්තාවන් පිළිබඳව සැලකිලිමත් වූ බවක් පෙනෙන්නට නැතැයි විපක්ෂ මන්ත්‍රීවරයකු චෝදනා කර තිබේ.

"ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයේ දී පාලකයන් හා සමාජය ද පීතෘ ඇසින් විනා මාතෘ ඇසින් බලා කටයුතු කර නැත." යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය වෙත කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතර කාන්තා නියෝජනය 5 % ක් බවත් 2030 වන විට ලොව සෑම පාර්ලිමේන්තුවකම එම නියෝජනය 30%ක් දක්වා වර්ධනය කළ යුතු යැයි ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

“එහි ආරම්භක පියවරක් ලෙස පළාත් පාලන ආයතනවල මැතිවරණ අපේක්ෂක ලය්ස්තුවේ 25 % ක කාන්තා නියෝගයක් සිටිය යුතු යැයි 2018 වසරේ දි නීති ගෙනාවා. අද වන විට ශාස්ත්රීය අධ්‍යාපනයේ හා වෘත්තියේ අධ්‍යාපනයේ දීත් ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාවන්.”

එහෙත් කාන්තා ශ්‍රම බලකාය 35 % ට සීමාවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඊට හේතු ද පැහැදිලි කළේය.

“ප්‍රසූත නිවාඩු අවස්ථාවේ කාන්තා සේවකයන්ට වැටුප් ගෙවිය යුතු වන හෙයින් බොහෝ පෞද්ගලික ආයතන කාන්තාවන් සේවයට බඳවා ගැනීමට මැලිකම් දක්වන බැවින් සමගි ජන බලවේගය රජයකින් එවන් කාන්තා සේවකයන්ගේ ප්‍රසූත නිවාඩු කාලයේ වැටුප් රජය මගින් දැරිමට තීරණය කර තිබෙනවා. මේ හරහා ප්‍රාදේශීය මට්ටමින් ආර්ථික වර්ධනය සඳහා කාන්තා දායකත්වය වැඩි කර ගත හැකි වෙන බව ස්ථිරයි.”

ඉදිරි සමගි ජන බලවේගය රජය  මැතිවරණයකට ඉදිරිපත්වීමේ කාන්තා ප්‍රතිශතය  වැඩි කිරීමට කටයුතු කරන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් අවධාරණය කළේය.

 (චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image