මෙවර මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස අගමැති වුවහොත්, රනිල් - මෛත්‍රී සටන මෙන් 'නයි-පොළොන්' සටනක්

ඉදිරියටත් දක්නට ලැබෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බිය පළකරයි.

හෙතෙම මේ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම වෙත ඊයේ (24දා) ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

''පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂය කිවුවා ජනාධිපති ගෝඨාභය එක්ක හරියටම ගැළපෙන අගමැතිවරයා සජිත් ප්‍රේමදාස කියලා. දැන් අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයාට බලය ලැබිලා තියෙන කොට ඔහු ජනාධිපතිතුමා ගෙනාපු හොඳ යෝජනාවකට සහාය දුන්නේ නෑ.

ඒ කියන්නේ ඔවුන්ගේ ආණ්ඩුව විසින් දරපු වියදම්වල බිල්පත් ගෙවන්නවත් ගෙනාපු යෝජනාවට සොය දුන්නේ නෑ. ඒ නිසා අර කිවුව විදියට වුණොත් රනිල් - මෛත්‍රී සටන වගේ නයි-පොළොන් සටනක් තමයි ඉදිරියටත් දකින්න ලැබෙන්නේ" යනුවෙන්ද ඔහු පවසා සිටියේය.

 සජිත්ගේ ප්‍රතිචාරය මෙන්න :

ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ගිය අතුරු සම්මත ගිණුම යෝජනාවට විපක්ෂයේ සහය නොදුන් බවට ආණ්ඩුවේ පාර්ශව විසින් මතුකරන චෝදනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යළිත් මෙසේ ප්‍රතිචාර දැක්විය. 

වීඩියෝ 

  සබැඳි පුවත් :

''විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තිබූ අවස්ථාව නැති කළා''- අගමැති : 'පට්ට බොරු'' -විපක්ෂනායක (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්