මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්

නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ අනීතික ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට කථානායකවරයා අනුමැතිය ලබා දුන් බවත් “ජවය” ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමින් ඔහු කීවේය.

තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.

වසර ගණනාවක් අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

(lankadeepa.lk - නිමල කොඩිතුවක්කු)

සබැඳි පුවත් :
ඔන්ලයින් පනත : කතානායකට විපක්ෂ නායකයාගෙන් චෝදනා !
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්