මීට වසරකට පමණ පෙර යහපාලන රජය විසින් ගනු ලැබූ කැබිනට් තීන්දුවක් අවලංගු කරමින් නව රජය විසින් කෙරවලපිටියේ MW 300 LNG විදුලි බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට ප්‍රදානය කර තිබේ.


අදාළ කැබිනට් පත්‍රය විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කරන ඇති අතර පසුගිය සතියේ එයට අනුමැතිය ලැබී ඇත. 

නමුත් මෙම තීරණය ගෙන ඇත්තේ ලක්දනවි සමාගම විසින් මින් පෙර GCL China Windforce සහ RenewGen සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම ඉවත් කරගන්නා බවට වූ කොන්දේසියට යටත්ව බව වාර්තා වේ. 

පසුගිය වසරේ පෙබරවාරියේදී තීන්දුව ලැබුණු විගසම ලක්දනවි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කලේ එම සමාගම එහි අඩුම ලංසුකරු වූ බවත් කොන්ත්‍රාත්තුව ලබා ගත් GCL දෙවන අඩුම ලන්සුකරු වූ බවත් පෙන්වා දෙමිනි. 

රවී කරුණානායක විරෝධය පළකරයි !

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුනානායක කියා සිටියේ නඩු කටයුතු අවසන් නොවන බැවින් පැවති රජයේ තීරණය අවලංගු කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස විරුද්ධ බවයි. එය පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බවත් එම නිසා මේ ආකාරයෙන් එය අවලංගු කිරීම සුදුසු නොවන බව පැවසීය. 

මුලින් MW  300 ක LNG බලාගාර දෙකක් පිහිටුවීම සඳහා ටෙන්ඩරය ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබු අතර නව මව් MW 300 LNG බලාගාරයක් පිහිටුවීම සඳහා දෙවන කොන්ත්‍රාත්තුව ලක්‌දනවි ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි. 


(මුලාශ්‍රය :Lakdhanavi wins 300 MW power plant)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්