සෛයින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංඟු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂට ඒත්තු ගැන්වූයේ තමා බව විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් කියා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගිය 22දා අම්පාරා හි කරෙයිතිව් විපුලානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ය.

එසේ නමුත් සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් පවසන්නේ එළෙස එම ගැසට් නිවේදනය අවලංඟු කරවන ලද්දේ තමන් විසින් බවයි.

පසුගියදා විමල් වීරවංශගේ පාර්ශවයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන ආණ්ඩුව සයින්දමර්දු ප්‍රදේශය නගර සභාවක් බවට පත් කිරීම දැඩිව විවේචනය කළේය. මෙහිදී ඔහුගේ විවේචනය කෙලින්ම එල්ල වුණේ අගමැති මහින්ද රාජපක්ෂ වෙතය.

මුස්ලිම් ජනතාව පමණක් වාසය කරන සයින්දමර්දු  ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම 1987 වසරේ සිට තිබූ ඉල්ලීකි. මෙතෙක් පැවති රජයන් ඒ ඉල්ලීමට දේශපාලන වෙට්ටු දාලා මඟ හැරියේය. 

wimal text1''වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මුස්ලිම් අන්තවාදීන්ට බන්දේසියක තියලාම මේක දීලා තියෙනවා''යයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙහිදී ඔහු නොකියා කියන්නේ, ඔහු ප්‍රමුඛ පාර්ශ්‍වයට තුටුටු දෙකේ වැඩක් ලෙස පෙනෙන මේ ගැසට් ගැහිල්ල කර ඇත්තේ අත්තනෝමතිකව අගමැතිවරයා විසින් බවය. 

මෙම මාධ්‍ය හමුවෙන්ද ඔහු ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ නිසා තම පාර්ශවය ප්‍රමුඛ කල්ලිය අපේක්ෂා කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට පාලනය කරගන්නට නොහැකි වී ඇති බව ය.

අගමැති මහින්දගේ හෙන්චයියෙක් !

කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කරයි. මහින්ද රාජපක්ෂ විසින් වරක් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස පත් කරන ලදී.

බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් එල්ටීටීඊයට බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානවල දෝශ දර්ශනයට ලක්ව සිටින පුද්ගලයෙකි.

පෙබරවාරි 14 වන දින සෛයින්දමරුදු නගර පභාව පිහිටුවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද රාජපක්ෂ ආණ්ඩුව ඉන් දවස් හයකට පසු එම ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කළේය.


(මූලාශ්‍රය - srilankabrief.org)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්