ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.


රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් වීම අවශ්‍ය බව මෙන්ම ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

වසර 2005 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 14 ක් දක්වා වැඩිවී තිබේ.

ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ හැකියාව බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සේවා ගුණාත්මකභාවය පිළිබඳ දර්ශක මත පදනම් ක්‍රමයක් හඳුන්වාදීම සුදුසු බව පවසයි.

 

“වඩා කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුය. දැනට සිදුවන්නේ වයස සහ සේවා කාලය මත පදනම් උසස්වීම් ක්‍රමයකි. එය දක්ෂතා සහ හැකියාව මත පදනම් වූ ක්‍රමවේදයක් දක්වා වෙනස්විය යුතුයි.

 

එහිදී නිවැරදි, කාර්යක්ෂම සේවා සැපයීමට සේවකයෝ පෙළඹෙන බවත් ඔවුන් අතර තරගකාරීත්වයක් නිර්මාණය වීම සේවා ගුණාත්මකභාවයට වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහජන නියෝජිතයන් සම්බන්ධව ද මෙවැනිම ක්‍රියාවලියක් හඳුන්වා දීම අතිශය වැදගත් බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

දේශපාලනයට පිවිසෙන පුද්ගලයන්ගේ, ඒ සඳහා පවතින සුදුසුකම් ද අවධානයට ගත යුතු බවත් එම ක්‍රමවේද මගින් කාර්යක්ෂම, සාර්ථක රාජ්‍ය සේවයක් සථාපනය වනු ඇති බවටයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශ්වාසය පළ කරන්නේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්