කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය යන නම එම පාසලෙන් ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් අධ්‍යාපන

බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ පාසල් නාමකරණය සම්බන්ධයෙන් අවසන් වරට යාවත්කාලීන කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට පටහැනිව එම පාසල සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ගේ නම යොදා තිබීම හේතුවෙනි.

ජෝශප් ස්ටාලින් පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංයේ එම උපදෙස් වලට අනුව ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමක් පාසලක් සඳහා යෙදිය නොහැකි අතර කෙහෙළිය රඹුක්වැල්ලගේ නම එම පාසලට යොදා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බවය.

කෙහෙළිය රඹුක්වැල්ල ගේ නම එම පාසලෙන් ඉවත් කරන ලෙස එම පාසලේ ගුරු දෙගුරු සමිතිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඔහුද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා හමු වී එම ඉල්ලීම කළ බවත් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරයි. එහිදී මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඒ පිළිබඳව ව්‍යුහ කමිටුවේ සාකච්ඡා කළ යුතු බව ප්‍රකාශ කළ බවද ස්ටාලින් පවසයි.

මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඇතුළු දැනට ජීවතුන් අතර සිටින දේශපාලනඥයින්ගේ නම් පාසල්වල තිබෙන්නේ කෙසේදැයි ස්ටාලින් ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ඒවාද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් අනුව නීති විරෝධී බවත්,එම නම්ද එම පාසල් වලින් ඉවත් කළ යුතු බවය.

ඔහු ප්‍රකාශ කරන්නේ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ අත්තනෝමතික තීරණයක් මත එසේ පාසල් වලට නම් දමා ඇති බවත්, මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායකගේ නමින්ද උඩුදුම්බර හා හසලක පාසල් දෙකත් පවතින බවත්ය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා වීරකැටිය මහින්ද රාජපක්ෂ විද්‍යාලය නමින් මහින්ද රාජපක්ෂ ගේ නමින් පාසල් දෙකක්ද පවතී.

(anidda.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්