ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) වැඩසටහනට අදාළව තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට දායකවෙමින් සිටි සිවිල් සමාජ

සංවිධාන (CSOs) එම ක්‍රියාවලියෙන් ඉවත් වීමට සාමූහිකව තීරණය කර ඇත.

එසේ තීරණය කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සම්මත කිරීම සහ පුළුල් මහජන ප්‍රතිරෝධය නොතකා මර්දනකාරී වගන්ති ඇතුළත් ත්‍රස්ත විරෝධී නීතියක් හඳුන්වා දීමට උත්සාහ කිරීම යනාදි ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙසනි.

සිවිල් අවකාශය මෙන්ම ජනතාවගේ මූලික නිදහස අවහිර කරන රජයේ මෙම ක්‍රියාමාර්ග පැහැදිලිවම OGP මූලධර්ම උල්ලංඝනය කිරීමකි.

ශ්‍රී ලංකාවේ OGP ක්‍රියාවලියට සම්බන්ධ සිවිල් සමාජ සංවිධානවල සම කැඳවුම්කරුවන් වශයෙන් කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය විසින් ඊයේ (09) මෙම සාමූහික තීරණය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දෙන ලදී.

පසුබිම් තොරතුරු:

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) යනු රජයේ විනිවිදභාවය ඉහළ නැංවීම, පොදු ගැටලු සඳහා පුරවැසියන්ගේ සහභාගීත්වය සහතික කිරීම සහ මහජන වගවීම සඳහා වූ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බහුපාර්ශ්වීය වැඩසටහනකි.

2015 වසරේ ශ්‍රී ලංකාව OGPහි සාමාජිකත්වය ගනිමින් එම ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර බැඳීමක් ඇති කර ගත් අතර එතැන් සිට ජාතික ක්‍රියාකාරී සැලසුම් දෙකක් සකස් වූ නමුත්, ඒවා ඉදිරියට ගෙන යෑමේදී විවිධ අභියෝගවලට මුහුණ දුන් බව පළමුවෙන් ම අවධාරණය කළ යුතු ය.

මේ වන විට රටවල් 70කට වඩා වැඩි ගණනක් මෙන්ම තවත් පළාත් පාලන ඒකක රැසක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සාමාජිකත්වය දරණ අතර මෙයට සිවිල් සමාජ සංවිධාන දහස් ගණනකගේ දායකත්වය ද ලැබේ. OGP ක්‍රියාවලියට සහභාගී වන සියලුම රටවල් තෝරාගත් ක්ෂේත්‍ර තුළ යහපාලනය ඇති කිරීම පිණිස වසර දෙකකට අදාළ වන පරිදි ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සිවිල් සමාජයේ සහභාගීත්වය සහිතව සම්පාදනය කළ යුතු ය.

සටහන :
(ජයසිරි අලවත්ත)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

OGP 2024.09


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්