රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි

ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ කර තිබේ.

දේශපාලන ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගෙන ඇත.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (13) දින තෙක් කල් තැබුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්