ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි.


දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගන්නා ලෙස පෙබරවාරි 12 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ සඳහන් කළාය.

ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙසයි අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටින්නේ.

ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ වැඩිදුරටත් කියා සිටියා ය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්