විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් එහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

පළාත් පාලන ඡන්දය නිවැරදි දිනට නොපවත්වා ඒ සදහා මුදල් ලබා නොදී ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුවක් රටේ ඇති බව සිහිපත් කර දෙන සජබ නායකයා එවන් ආණ්ඩුවකට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය නිශේධ කරන්න සහයෝගය ලබා නොදෙන බව පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ මැතිවරණයකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමෙන් පසුව බවයි ඔහු සඳහන් කළේ.

විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත් බාර ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන්නේ ජාතික අවශ්‍යතාවට නොව පුද්ගලික දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරිමක් බවත් ඒ සදහා ඉඩ ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති සමගි ජන බලවේග නීතිඥ මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්