බංකොලොත් වූ රටේ එක මන්ත්‍රීකමක්වත් ලබා ගත නොහැකි වූ පුද්ගලයා, බංකොලොත් කළ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනාධිපතිකම් ලබා

ගෙන ආණ්ඩුවේ පුද්ගලයන් සමඟ එකට එකතු වී ජනතාවට නොමිලේ ලබා දෙන බෙහෙත්වලින් පවා හොරා කන බවට විපක්ෂ නායකවරයා චෝදනා කර තිබේ.

හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වැනි ඖෂධ රැසකින් මෙන්ම මෙරෆනම් නම් ඖෂධයකින් පවා හොරා කා ඇති බවත් ඩොලර් මිලියන ගණන් වියදම් කර ගෙනෙන ඖෂධ වැරදි ආකාරයට ගබඩා කිරීම තුළ අදාළ ඖෂධ විනාශ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, 13 වැනි අඟහරුවාදා සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 94 වැනි අදියර යටතේ රත්නපුර, නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙවැනි දූෂණ ක්‍රියා දැක දැක සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ විට බාල බෙහෙත් වෙනුවෙන් ආණ්ඩුවේ 113 දෙනකු එකට සිටගත් බව කී විපක්ෂ නායකවරයා, ඉන් නොනැවතී රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇති බවට චෝදනා කරයි.

ගාල්ල ගිංතොට ෆ්ලයිවුඩ් කෝපරේෂන් එකේ අක්කර 17ක් ලක්ෂ 82ක සින්නක්කරව විකුණා ඇති අතර එම ව්‍යාපාරිකයා එම භූමිය වෙන්දේසි කර තිබේ. ඔහු එය වෙන්දේසි කර ඇත්තේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ විභාගයක් යන අතරතුර බවද සජිත් ප්‍රේමදාස හෙළි කළේය.

මේ ආකාරයට දේපල සම්පත් විකිණිම දැවැන්ත ඛේදවාචකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්