විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම උදෙසා ආරම්භ කර දෙමාසයකටත් වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන

“යුක්තිය මෙහෙයුම” රටේ අවසාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාත් අත්අඩංගුවට ගන්නා තෙක්ම ක්‍රියාත්මක කරන බවට පොලිසිය බාර ඇමැතිවරයා ප්‍රතිඥා දී තිබේ.

“විපක්ෂයේ ඇතුළු ඇතැම් පිරිස් මෙය ආරම්භයේදී ප්‍රකාශ කළේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි. නමුත් මේ වන විට එහි ප්‍රතිඵල ජනතාව අත්දකිමින් තිබෙනවා. රටේ අවසාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාත් අත්අඩංගුවට ගන්නා තෙක්ම මේ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.”

මාස හයක පමණ අධ්‍යනයකින් අනතුරුව යුක්තිය මෙහෙයුම ආරම්භ කළ බව මෙන්ම එය ක්‍රියාත්මක කිරීම ජීවිතයත් මරණයත් අතර පවතින විශාල අභියෝගයක් බවට පත්වු බව ටිරාන් අලස් ඇමැතිවරයා කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා panorama හොටෙල් පරිශ්‍රයේ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් කියා සිටියේය.

පාතාල ක්‍රියාකාරකම් වල නිරත වෙන පිරිසට ආයුධ බිම තබන ලෙස අණ කරන මහජන ආරක්ෂක අමාත්‍යවරයා කොතැනක සැඟවී සිටියත් ඔවුන් සොයාගන්නා මෙහෙයුම නතර නොකර බව අවධාරණය කළේය.

“ඔවුන් ආයුධ සන්නද්ධව සටනට එළඹෙනවනම් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ද තම ආයුධ එම අවස්ථාවේ භාවිතා කිරීමට පැකිලෙන්නේ නැහැ. කොතැනක වෙඩි තැබීමක් සිදුවුවත් කෙටි කාලයක් තුළ වෙඩි තැබූ අය, උදව් කළ අය, මෙහෙයවූ අය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අප කටයුතු කරනවා.”

සමාජ මාධ්‍ය හා ජාත්‍යන්තරය මෙහෙයුම් නතර කරන ලෙස බලපෑම් සිදු කළ ද කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට අමාත්‍යවරයා ලෙස යටත් නොවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පවසන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, හිටපු පොලිස්පතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

khuere

 

( චතුරංග මේදිස්) 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්