ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් පවතින ආකාරයෙන්ම සම්මත කරන්නේ නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ඒ ආකාරයෙන්ම සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි එය ප්‍රකාශයට පත් කරමින් නියෝජ්‍ය කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.


(News 1st) 

සබැඳි පුවත් :

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්