2023 ජනවාරි මාසයේදී ප්‍රෙඩ්නිසිලෝන් නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ WOR සහතිකයක් සහ ඊට අදාල තවත් ව්‍යාජ
සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී ඇතත්, ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම, ඖෂධ අධිකාරියේ දැණුවත් මෙහෙයුමක් මත සිදු වන්නක් බව පෙනෙන්නට ඇති බවට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරයි.
එහි සභාපති රවී කුමුදේශ් පවසන්නේ 2023 සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ WOR සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ එම තත්වයට ඉඩ හැර තිබීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි.
ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවයි රවී කුමුදේශ් වැඩිදුරටත් පවසන්නේ.
ප්‍රෙඩ්නිසිලෝන් (මුඛ ද්‍රාවණය) ඖෂධය අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ විට නියම කරනු ලැබේ. එය ශරීරයේ දැවිල්ල, ඉදිමීම සහ අසාත්මිකතා අඩු කිරීමට උපකාරී වන කෝටිකොස්ටෙරොයිඩයක් වේ.