කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනි දින විවාදයට

ගැනීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ට විශ්වාසභංග යෝජනාව බාරදුන් විපක්ෂයේ මන්ත්‍රීවරු, මේ සඳහා කඩිනම් විවාදයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව පසුගිය සිකුරාදා න්‍යාය පුස්තක පරිපූරකයට එම යෝජනාව ඇතුළත් කරනු ලැබීය. දින පහක් ඇවෑමෙන් විශ්වාසභංගය න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාද කළ හැකිය.

ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ විවාදය 19දා ආරම්භ කරනු ඇතැයි සඳහන් වේ. විපක්ෂය මේ සඳහා දින දෙකක කාලයක් ලබා දෙන මෙන් ඉල්ලීම් කිරීමට නියමිතව ඇත.

(deshaya.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්