තමා විසින් කියන ලද ප්‍රකාශයක් වැරදි විදිහට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

''දැන් අපි මොකටද මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ? ඒ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ'' ඔහු කියා සිටියි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ වලට ඉඩ දෙන්න කියල මම ඉල්ලුවා කියල. ඒක වැරදියි. මම කිව්වේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡා වලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසයි. මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් කියන්නේ කණ්ඩායම් දෙකක්. දැන් අපි මොකටද? මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්නේ මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ?''

''ඉල්ලුවේ ණය හිමියන් සමග සාකච්ඡාවක්. දෙන්න හදන්නේ මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක්. පිස්සුද?''

 


මේ අතර ඊයේ (10) කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන රැලිය අමතමින්, එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුයේ, පසුගිය 06 වනදා තමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කළ ඉල්ලීමක් අනුව කටයුතු කරද්දී, සජබට එක්ව සිටින ගොඩපෙරකදොරුව ඊට එරෙහිව ක්‍රියාත්මක වී ඇති බවයි.

 ජනාධිපතිවරයා එහිදී මෙසේ පැවසිය.

'' පසුගිය 06 වනදා මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මහත්මයා ඉල්ලීමක් කළා ණය ගණුදෙණුවලට අදාළ සාකච්ඡාවලදී අපවත් සම්බන්ධ කරගන්න කියලා. මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙනවා එම සාකච්ඡා සඳහා සහභාගී විය හැකියි කියලා. ඒ අනුව මම මගේ ලේකම්වරයාට කිව්වා සදුදා පක්ෂ නායකයන් කැදවලා අපි මේ පිළිබද සාකච්ඡා කරමු කියලා. අපි ඒ සඳහා ලිපි යැවුවා. එවිට ගොඩපෙරකදෝරුවා ගිහින් විපක්ෂ නායකතුමාට කිව්වා හර්ෂ කියන ඒවා කරන්න එපා. මම කියන ඒවා කරන්න ඕන කියලා. අපි මේ සාකච්ඡා සදහා සහභාගිවෙන්නේ නැහැ කියලා. අද මගේ ලේකම්තුමාට ලිපියක් එවලා තිබෙනවා එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා.
 
ඔන්න දැන් ගොඩපෙරකදොරුවට යට වුණා. ඉතින් මේ පක්ෂය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තැනක් තිබෙනවද, එම සියලුදෙනා අද කොන් වෙලා සිටින්නේ. ඔවුන්ගේම මුදල් පිළිබඳ ප්‍රධාන මන්ත්‍රීවරයා පැත්තකට දමා තිබෙන විට කොහෙමද බලාපොරොත්තුවක් තබන්නේ.
 
අද සමගි ජන බලවේගය සට්ටම්බිරාළගේ සහ ගොඩ පෙරකදෝරුවගේ කණ්ඩායමට හසු වී සිටින්නේ. එක්සත් ජාතික පක්ෂයේ මුලධර්ම එහි නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් නොදුන් සියලු එක්සත්ජාතික පාක්ෂිකයින්ට මම කියන්නේ දැන් අප සමග එක් වෙන්න. අපි මේ රට ණය බරින් බේරගමු. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනගමු. ඒ සඳහා අප එකතුවී වැඩ කරමු කියා ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා.''


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්