''බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි'' යැයි මව්බිම ජනතා

පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගැසීමට බැසිල් රාජපක්ෂ කවුරුන් දැයි ඔහු එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් ප්‍රශ්න කළේය.

“මේක බැසිල් කියන ඇමරිකන්කාරයට සැරින් සැරේ නිවාඩුවට ඇවිල්ලා විහිලුවට නාඩගම් නටලා යන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පවත්වන්න ඕන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයද, ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද. ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද?”


''පොහොට්ටුව නියෝජනය කරන්නේ මම  '


බැසිල්ගේ පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයන් නොමැති වුවද ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයා තමන් බවයි දිලීත් ජයවීර පවසන්නේ.

“බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ තමයි මම දිලිත් ජයවීර.”

“පොහොට්ටු පක්ෂ රාජපක්ෂලාගේ දේපලක් නොවන බවත් මම තමයි පොහොට්ටුව අතින් ඇන්ද මනුස්සය. ''අලුත් රටක්'' කියන තේමාව ලිව්වේ මම.” යැයි හෙතෙම සඳහන් කළේය.

රටට ඇති දේශප්‍රේමී බවට, රට විනයක් සහිත රටක් විය යුතුයි සිතා 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබා දුන් බවත් එය බැසිල්ටවත් නාමල්ටවත් ලබා දුන් මනාපයක් නොවන බව කී දිලීත් ජයවීර, එම පොහොට්ටුව නියෝජනය කරන්නේ තමන් බවද කියා සිටියේය.

“අපි කියන්නේ මව්බිම ජනතා පක්ෂය පමණයි. නැතුව පොහොට්ටුව කියන්නේ එක්කෙනාගේ බුදලයක් නෙමෙයි මේ රටේ අහිංසක මිනිස්සුව තම තමාගේ උවමනා එපාකම් වලට කඩේ යවන්න පුළුවන් කියල රාජපක්ෂලා සහ ඒ පවුලේ හැලි වලන් හෝදන්න බලන් ඉන්න කට්ටිය හිතනවානම් ඊක ලොකු වරදක්. අපි වහල්ලු නෙමෙයි එක එක්කෙනාගේ පසෙන් යන්න.” යැයි මව්බිම ජනතා පක්ෂ නායක දිලීත් ජයවීර වැඩිදුරටත් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්