යාල විනෝද්‍යානයට අයත් සංචාරක සංවර්ධන කලාපයේ අක්කර 51ක් සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා

සමාගම් 7 කට සංචාරක සංවර්ධන අධිකාරිය විසින් බදු දී තිබේ.

මෙම ඉඩම් බදු දී ඇත්තේ වර්ෂ 2014, 2019 සහ වර්ෂ 2020 යන වසර වලදීය.

එහෙත් සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙලෙස ඉඩම් බදු ගත් සමාගම් 7න් 2022 – 2023 මුදල් වර්ෂය වන විටත් අවශ්‍ය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුණේ සමාගම් 2ක් පමණක් බව නවතම විගණන වාර්තාවක් පෙන්වා දෙයි.

රාජ්‍ය ගිණුම්කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන මෙකී වාර්තාව මගින් වැඩිදුරටත් හෙළිදරව් කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරිය සතු ජාතික නිවාඩු නිකේතන 5කින් යට කී මුදල් වර්ෂය තුළ රුපියල් පන් කෝටියකට (කෝටි 5කට) වැඩි පාඩුවක් සිදුව ඇති බවය.

එහෙත් එම පාඩු අවම කර ගැනීමට අධිකාරිය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද විගණන වාර්තාවෙහි සඳහන්ය.

(deshaya.lk)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image