තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයෙන්

වාරණ නියෝගයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග එකතු කරවීමට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

ඔහු මේ බව පැවසුවේ එම වාරණ නියෝගය ලැබීමෙන් පසු ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතු කිරීමේ ව්‍යාපෘතියේ පිටුපස සිටිමින් සියල්ල මෙහෙය වන්නේ ද චන්ද්‍රිකා කුමාරතුංග බවත් නැවත අධිකරණය හමුවට ගොස් නිවැරදි තත්ත්වය පැහැදිලි කරන බව මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසිය.

වැඩිදුරටත් ඔහු පැවසුවේ සත්‍ය කරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට හා පාක්ෂිකයින්ට පැහැදිලි කිරීමට කටයුතු කරන බවයි.

(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image