ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට

නාමයෝජනා ලබාදීමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ, මෙම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.

“දැනට පක්‍ෂයේ පිල් දෙකක් ඉන්නවා. ඒ අය පක්‍ෂයේ තනතුරු සඳහා වෙන වෙනම පත්කිරීම් කරලා තියෙනවා. පක්‍ෂයේ ව්‍යවස්ථාවේත් යම් යම් ගැටලු තිබෙනවා. නාමයෝජනා ලබාදීමේදී අපි පිළිගත යුත්තේ කුමන පාර්ශවයේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්,” යනුවෙන් ඔහු ප්‍රකාශකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙන් කොළඹ දිසා අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම තාවකාලිකව වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය ලෙස දෙකට බෙදී ගියේය.

අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවූ අතර එහිදී ඔහු පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කරන ලදී.

මෛත්‍රී ගේ නායකත්වයෙන් යුත් කන්ඩායම, අප්‍රේල් 21 වැනි දින, පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ තෝරා පත්කර ගනු ලැබිණි.

නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෑත කාලීන වෙනස්කම්වල නීත්‍යනුකූලභාවය පිළිබඳ තීරණයක් ගැනීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක සමඟම තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළේය.

(ceylonwire.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්