කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාත්‍රීය වනවිට
72 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර එසේ හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළේය.
ඊයේ රාත්‍රීයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 කි.
වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටියි.
සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ අයි ඞී එච් රෝහලටය. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 කි.
පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඉන්දියාවේ තත්වයත් එන්න එන්නම නරක අතට !
ඉන්දියාවේ ද කොරෝනා වෛරස් අසදිතයින්ගේ ගණන දිනකට විශාල වසයෙන් ඉහළ යයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති ප්‍රයිම් ටයිම් දේශනයක දී අගමැති නරේන්ද්‍ර මෝදි රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “ජනතා” (පොදු) ඇඳිරි නීතිය පනවන ලෙසයි.
ඉන්දියාව පුරා, කිරීටක වෛරස් රෝගීන් 200 ක් වාර්තා විය.
ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 ක්
මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා මරණ 11,402ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයකි.
ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වනබව වාර්තා වේ.
එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.
අමෙරිකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19,393ක් :
ලොව පුරා රටවල් රැසක මේ වන විට කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගත වූ පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 5,000කට අධික පිරිසක් හදුනාගෙන තිබේ.
අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව19,393ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 23ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කර තිබේ.
කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් එම ප්‍රාන්තයට “මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයක්” ප්‍රකාශයටපත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.
මෙවැනි ආපදා තත්ත්වයක් එම ප්‍රාන්තය තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ වසර 100කට පසුව වීම විශේෂත්වයකි.
අමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යය මණ්ඩල සේවකයෙකු හටත් කොරෝනා:
මේ අතර අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යයමණ්ඩල සේවකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීඇති බවට තහවුරු වී තිබේ.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා උප ජනාධිපතිවරයා සමග හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීප සබදතා පැවැත්වු අයෙකු නොවන බව උප ජනාධිපති පෙන්ස්ගේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත.
අමෙරිකාවට අමතරව ජර්මනිය, ස්පාඤ්ඤය, ඉරානය, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද ගත වු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් දහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.