මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නොහැකි බව දන්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ලබන අප්‍රේල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
(නෙත් නිව්ස්)