කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ

සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද (28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයකින් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම  සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය කියයි.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍ඛ්‍ය කාර්යාලය කියයි .

(ජායා උපුටා ගැනීම - lankadeepa.lk)

 

ගමම ලොක්ඩව්න් :  සෞඛ්‍ය හා ආරක්ෂක අංශ යටතට...

මේ අතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය විශේෂ අවධානයක් යටතට ගැනිමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම ගම්මානයේ බොහෝ නිවාසවල සංචාරය කිරිම හේතුවෙන් ඇති වී තිබෙන අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ (27) සිට සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගෙන තිබේ.

ඒ එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසයට ගොඳුරු වූ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුවය.

ඒ අනුව එම ගම්මානය මේවනවිට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි.

#####################

 

මෑත කාලයේදී COVID-19 මහා පරිමාණයෙන් හෝ වැඩි වශයෙන්  වාර්තා වුණු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්න.

හැකිනම් ඒ ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින්න -ඔබ වයෝවෘද පුද්ගලයෙක් නම්, දියවැඩියාවෙන්, හෘද රෝගයකින් හෝ පෙනහළු ආශ්‍රිත ආසාදනයකින් පෙළෙන කෙනෙක් නම් ඒ උපදෙස ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඇයි? ඒ ප්‍රදේශවලදී ඔබට කොරෝනා ආසාදනය වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා.

දැනට කොරෝනා ආසාදනය පැතිරෙන ප්‍රදේශයක සිටින හෝ පසුගිය දින 14 ඇතුළත එවැනි ප්‍රදේශයක සංචාරය කළ අය වෛද්‍ය උපදෙස් මාලාව පිළිපදින්න.

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු කණ්ඩායම)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්