කොරෝනා රෝගය හේතුවෙන් මෙරටින්  ප්‍රථම මරණය වාර්තා වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර තිබේ.

මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මෙම පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ.


සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අධික රුධිර පීඩනය රෝගයෙන්ද පෙළුණු මෙම රෝගියා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් ද මීට පෙර සිදුකල අයෙක්  බවයි.

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

90758041 3360180200677678 647229186137653248 n

කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම


කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.loga

මෙම ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

යාපනයේ උපත ලද 59 නව හැවිරිදි ලෝගනාදන් සදාසිවම් නමැති මෙම පුද්ගලයා 25 අඟහරුවාදා මිය ගොස් ඇත්තේ රපෙස්වීල්-යෝනා නගරයේ ඔහු දිවි ගෙවු නිවසේදීය. ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.

මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

සබැඳි පුවත් :
ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකීක ලෝගනාදන් සදාසිවම් කොරෝනා ආසාදනයෙන් මරුට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්