පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන් ලබන සඳුදා (මැයි 04) අරලියගහ මන්දිරයට කැඳවීමට

අගමැති මහින්ද රාජපක්ෂ විසින් තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මේවනවිටත් අගමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ නායකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අගමැතිවරයා මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කරන්නේ, කොරෝනා වසංගත තත්ත්වය තුල පිඩාවට පත්ව සිටින ජනතාව සහන සැලසීම සඳහා ව්‍යවස්ථානුකුලව කටයුතු කරලීමට පාර්ලිමේන්තුව කැඳවන්නැයි පුළුල් සමාජ මතයක් ගොඩනැගෙමින් තිබියදීය.

මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර වත්මන් අර්බුද සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීම අගමැතිවරයාගේ අපේක්ෂාව වී ඇතැයි පැවසේ. කෙසේවුවද පාර්ලිමේන්තුව නිල වශයෙන් නොකැඳ වීමට ජනාධිපතිවරයා මෙන්ම බාරකාර ආණ්ඩුව දැඩි තීන්දුවකට එළඹ තිබේ.

පැවති පාර්ලිමේන්තුවේ වසර 05 කාල සීමාව අවසන්වීමට නියමිතව තිබුනේ 2020 සැප්තැම්බර් 01 දිනටය.

එහෙත්, කොරෝනා ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබිය දී පවා එය මුළුමනින්ම නොසලකා හරිමින් ජනාධිපතිවරයා විසින් සිය ධුරයේ බලතල යොදා ගනිමින්, 2020 මාර්තු මස 02 වැනි ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබිය.

 

බාධක අභියෝග ලෙස ගෙන බැසිල් ඉදිරියට !

මේ අතර කොරෝන සහනාධාර බෙදාහැරීම් බාරව සිටින 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශක්තිමත් හා ස්ථාවර නායකත්ව ගුණාංග පෙන්වමින් ඉදිරියට යන බව මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පවසයි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්