ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනි ආයතනය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර සේවක වැටුප් ගෙවීම්, විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීම සදහා රුපියල් කෝටි 45 ක මුදලක්

ලබාදෙන්නැයි මහාභාණ්ඩාගරයෙන් ඉල්ලීමක් කර ඇත.

ස්වාධීන රූපවාහිනි ආයතනයේ වියදම් සදහා රුපියල් කෝටි 18 මුදලක්ද, ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වියදම් සදහා රුපියල් කෝටි 27ක මුදලක්ද මෙසේ ඉල්ලා තිබේ.

කෙවිඞ් -19 වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම නිසා ආයතන දෙකේම ආදායම විශාල වශයෙන් පහළ ගොස් ඇති බැවින් මෙම මුදල් ඉල්ලා ඇත.

ස්වාධීන රූපවාහිනි ආයතනයේ මාස තුනක සේවක වැටුප් ගෙවීමටත්, විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීමටත් රුපියල් කෝටි 18 මුදලක් ඉල්ලා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මැයි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා මාස 6ක සේවක වැටුප් හා විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීම සදහා රුපියල් කෝටි 27 මුදලක් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 100 ක් ඇතුලුව 842 කින් යුත් සමස්ත සේවකයින්ගේ වැටුප අඩකින් කපා හැරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.

ජාතික රූපවහිනියත් අනාතයි !

මේ අතර ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති ජාතික රූපවාහිනි සංස්ථාව මේ වන විට තම සේවකයන් 934 ගේ වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සඳහා රුපියල් මිලියන 200 ක නය මුදලක් ලංකා බැංකුවෙන් ලබාගැනීමට තීරනය කර ඇත.

 වැටුප් සහ අනෙකුත් දීමනා ගෙවීම සඳහා එම ආයතනයට මාසිකව රුපියල් මිලියන 85 ක පමන මුදලක් වැයවන බව වාර්තා වේ.
 
CSN වෙතින් තර්ජනයක් :  ආදායම් තවත් අඩුවීමේ අවධානමක් 

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අත්හිටුවා තිබුණු CSN රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය සහ ඊට හිමිව තිබුණු සංඛ්‍යාත ආපසු එම නාලිකාව වෙත ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම පසුගිය මැයි 26දා අභියාචනාධිකරණය හමුවේ එකඟත්වය පළකිරීමත් සමග එම නාලිකාව යළි ඇරඹීමෙන් රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතනවලට යලිත් බරපතල අභියෝගයක් එල්ල වීමේ අවධානයක් මතුව ඇත.

ඒ, රාජපක්ෂ පවුලට සම්බන්ධ එම රූපවාහිනී නාලිකාවට ආණ්ඩුවේ  හා පෞද්ගලික ආයතනවල දැන්වීම් බෙදීයාමෙන් රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල ආදායම් තව තවත් පහලයාමේ අවදානමක් මතුව ඇති බැවිනි.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්