මෙවර මහ මැතිවරණයෙන් තමා පාර්ලිමේන්තුවට පත්වූ පසු තීරු බදු රහිත අධි සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබා

නොගන්නා බවට ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන කෝට්ටේ මහ නගරසභාවේ නගරාධිපති නීතිඥ මධුර විතානගේ ප්‍රතිඥා දෙයි.

මෙවර මහ මැතිවරණය සඳහා 'පොහොට්ටුව' යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන මදුර විතානගේ,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ එම ප්‍රතිඥාව ලබාදී ඇත. එම ප්‍රතිඥාවේ මෙසේ සඳහන් වේ.

''ආත්මාර්ථය මුල්කොටගත් ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතියට තිත තබමින් ඔබතුමන් විසින් දියත් කල පරාර්ථකාමිත්වය මුසු වූ නැවුම් දේශපාලන ප්‍රවේශය ප්‍රායෝගිකව අරුත් ගැන්වීමේ සංකේතාත්මක පියවරක් ලෙස, නිරන්තරයෙන් ජනතා අප්‍රසාදයට ලක් වූ අති සුපෝපබෝගී තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවට නව පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරයකු ලෙස මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ ප්‍රතිඥා දෙමි.''

Madura 17

 

රජයට කෝටි හත්දහසක මුදලක් අහිමිවීම :

මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලකට වැඩි මුදලක් රජයට අහිමිවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මිට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබිණ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට චෝදනා කරමින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමිනි.

2016 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් සඳහන් කළේය.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

 

මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම: ලක්ෂ දෙසීය පනහක් !

toyota land cruiserමන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ
රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝට ලෑන්ඩ් කෘසර් රථය

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති.

එලෙස විකුණු මන්ත්‍රී වාහන බලපත්‍රයක් මිලදී ගත් මෝටර් රථ අලෙවිකරුවකු වන සමන්ත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත මිට ඉහත දී පවසා සිටියේ, වර්තමානයේ ලබාදෙන වාහන බලපත්‍ර විකිණීමට කිසිදු තහනමක් නොමැති බවය.

මන්ත්‍රී වාහන බලපත්‍ර යටතේ මිල දී ගත් මෝටර් රථයක් වසර පහකට පසු පමණක් විකිණිය හැකි බවට පසුගිය රාජපක්ෂ පාලන සමයේ පැවති කොන්දේසිය මේවනවිට ඉවත් කර ඇත.

එවක වසර පහක සීමාව පනවා තිබියදීත් හොර රහසේ එම මෝටර් රථ විකුණා දැමීම සිදු වූ නමුත් පසුගිය සමයේදී  මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වාහන බලපත්‍ර විකුණා දමන බව සමන්ත පෙරේරා පවසයි.

මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථය.

ඇතැම් මන්ත්‍රීවරුන් ඒ හා සමාන වටිනාකමක් ඇති බීඑම්ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා තිබේ.

එවැනි මන්ත්‍රීවරුන් හා නිලධාරීන් බහුතරයකට සිය රාජකාරි සඳහා නිල රථ ලබා දී ඇති බැවින් ඔවුහු මෙලෙස තම බලපත්‍ර විකුණා මුදල් ලබා ගැනීමට පෙළඹෙති.

ලක්ෂ හාරසීයක පමණ වටිනාකමකින් යුත් නිල රථ දෙකක් හිමිවන රජයේ අමාත්‍යවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වේ.

 

ආණ්ඩුවත් විපක්ෂයත් එකඟවන කාරණයක් !

toyota doble cabina 4x4තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව ජවිපෙ පවසයි

ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් ද මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම සාධාරණීකරණය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට විරෝධය දක්වයි.

මන්ත්‍රීවරුන් විසින් තීරුබදු වාහන බලපත්‍ර අවභාවිත කරනු ලබන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ තමන් තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව පමණක් පවසයි.

කෙසේ වෙතත් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කරයි.

"මන්ත්‍රී වාහන ආනයනය කළ වහාම අලෙවි කළත්, කලකට පසුව අලෙවි කළත් රජයේ බදු ආදායම අඩු වීම එලෙසම සිදුවෙනවා. වෙනසකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන් ලැබෙන ලාභය පක්ෂ අරමුදලට බැර කිරීම සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එම ලාභය තම පවුලේ ගිණුමට බැර කිරීම. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ," යනුවෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු කියා සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image