ශක්තික සත්කුමාර, සුදු වෑන් යවා මිනිසුන් පැහැරගෙන, බඩ කපා මුහුදට දමන්නට හෝ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට වීසි කරන්නට අණ දී නැත. ශක්තික සත්කුමාර බැඳුම්කර වංචාවට සම්බන්ධ හෝ අනියමින් ආශිර්වාද කර නැත. අප දන්නා තරමට වෙනත් සමාජ විරෝධී දෙයක් ඔහු අතින් සිදු වී ද නැත.



ඔහු කර ඇත්තේ `නිර්මාණයක්` පමණි. ඔහු අතින් ලියැවුණු ඒ `නිර්මාණය` දැක කිපුණු පැවිද්දන් පිරිසක්, ඔවුන් අයත් ශාසනයට හා තමන්ට අවැඩක් සිදු වී යැයි නඩු මගට බැස තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, නමින් මිස ගතින් කිසිදා අප මුණු නොගැසුණු මිනිහෙක්, මේ මොහොතේත් `හිරේ` ය.

සත්තකින් ම, ශක්තික, සිය නිර්මාණයේදී, කලක් තිස්සේ සත්‍යය යැයි මිනිසුන් විශ්වාස කරන`නිර්මාණයක්` ප්‍රතිනිර්මාණය කර ඇත. අප හොඳින් දන්නා කතාවක `හැඩ තල` පොඩ්ඩක් එහා මෙහා කර `අලුත් හැඩ තලයක්` ප්‍රතිනිර්මාණය කර ඇත.

එය ඊට වඩා බොහෝ `හැඩට` කරන්නට තිබුණු බව විශ්වාස කරමින් ම, මේ අයුක්තිසහගත සිරගත කිරීමට විරුද්ධව පෙළගැහෙන්නට අප තීරණය කළේ, එසේ ප්‍රතිනිර්මාණය ඔහුගේ අයිතියක් වන බැවිනි. මෙතැනදී `අප` යනුවෙන් හඳුන්වන්නේ, යුක්තිය පතන, ඉතා සාමාන්‍ය මිනිසුන් පිරිසකි.

අකුරෙන් යමක් ලියූ වරදට, ශක්තික රිමාන්ඩ් කිරීම - දවසකට හෝ රිමාන්ඩ් කිරීම; ඔහුගේ සමීපතමයන්ගෙන් වෙන් කිරීම - ඔහුට දෙන දඬුවමකි. ඒ දණ්ඩනයට අපි එරෙහි වන්නෙමු. ආගමික බලාධිකාරය රාජ්‍යය සමග රමණයේ යෙදෙමින් සමාජය මත සුකුරු විසිරවීමට, අපි එරෙහි වන්නෙමු.

ඒ දණ්ඩනය කිසි ලෙසකින් සාධාරණීකරණය කළ නොහැකිය. අද ශක්තික සොයා එන අවිචාරවත් දණ්ඩනය හෙට ඔබ අප සොයා එනු ඇත. අප්‍රේල් 04 වැනිදා `අවකාශ`යේ සිටියේ අන්න ඒ `ඇත්ත` විශ්වාස කරන අතිබහුතරයකි.

එදා එතැනට පැමිණි - නොපැමිණියත් ආශිර්වාද කළ, සියලු සහෝදරත්වයට හිස නමා ආචාර කරන්නෙමු. අවැසි මොහොතේ අවදි කරගත් ඔබේ හෘදය සාක්ෂිය, මිනිස් නිදහස කරා යන ගමනේ තරු එළිය ය.

ලියන කියන හිතන නිදහස, අමන ලෙසින් උදුරා ගැනීමට එරෙහිව, යමු ඉස්සරහට !

අප්‍රේල් 04 පැමිණි සොයුරු සොයුරියනි, තවත් හදවත් රැගෙන ජුනි 17 සවස 3.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එන්න !!!

(විමල් කැටිපේ ආරච්චිගේ FB පිටුවෙන් ...)

කිසි කතාවක් නැත්තෙ ඇයි? - කෙටි කතාවක් ලිව්ව වරදට මිනිහෙක් හිරේ!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්