ශ්‍රී ලංකාව තුල මේවනවිට බරපතල ටයර් සහ ටියුබ් හිඟයක් මතුව ඇති අතර ඒ අනුව, විශේෂයෙන් බස් රථ හා ලොරි රථ හිමියන් බලවත් අසීරුතාවයකට මුහුණ දී සිටිති.

එසේම, ටයර් ටියුබ් අලෙවි කරන 5000 ක් පමණ වූ අලෙවි සැල්වලට පසුගිය මාස 6 ක කාලයක් තුළ කිසිදු වෙළෙඳාමක් නොතිබුණ බව ද වාර්තාවේ.

රජය විසින් බලාත්මක කර ඇති ටයර් ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳුන් හා ගැනුම්කරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද තවත් දින 30ක් ඇතුළත ‍වෙළඳපොළේ දැඩි ටයර් හිඟයක් උද්ගත වනු ඇතැයිද ආසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 

මේ පිළිබඳව අවධානය යොමු කරමින් කර්මාන්තය ආරක්ෂා කිරීමට මැදිහත්ව ආනයන සීමා ලිහිල් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය නතර කිරීම නිසා පාරිභෝගිකයන්ට ගැටලූ රැසක් මතු වී ඇතැයි ඒසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති සුනිල් ෆොන්සේකා  පැවසීය.

විදේශ විනිමය රටින් පිටට ගලා යෑම වැළැක්වීමට...

රජය විසින් ශ්‍රී ලංකාවට ටයර් ආනයනය කිරීම මාස හයකට පමණ පෙරදී තහනම් කරනු ලැබුවේ කොවිඩ් 19 නිසා රටේ ආර්ථික ක්‍රියාවලිය කඩා වැටීමත් රටට විදේශ විනිමය ලැබෙන සියලුම අංශ අවහිර වීමත් නිසාය.

ඒ අනුව, ටයර් ඇතුළු නිෂ්පාදන භාණ්ඩ 156ක් අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ ලෙස රජය විසින් වර්ගීකරණය කර ඇති අතර විදේශ විනිමය රටින් පිටට ගලා යෑම වැළැක්වීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී එම භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කළේය. 

''ඒ අනුව, ටයර් ඇතුළු නිෂ්පාදන භාණ්ඩ 156ක් අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ ලෙස රජය විසින් වර්ගීකරණය කර ඇති අතර විදේශ විනිමය රටින් පිටට ගලා යෑම වැළැක්වීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී එම භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කළේය. ''

අනතුරුව පසුගිය ජූලි මාසයේදී එම වාරණය සීමා යම් තරමකින් ලිහිල් කළ නමුත් අත්‍යවශ්‍ය ටයර් ප්‍රමාණ කිහිපයකටම තවමත් ආනයන සීමා පවතින බව ආනයනකරුවෝ පවසති.

රජය විසින් රට තුළ පවතින ටයර් තොග පිළිබඳ කිසිදු ගණනය කිරීමකින් තොරව මෙසේ ටයර් ආනයනයට තහංචි පණවන ලද අතර දේශීය අවශ්‍යතාවයන් සඳහා ලංකාවේ ටයර් නිෂ්පාදන කරන සමාගම් වලින් ටයර් ලබාගන්නා ලෙස අදාල අංශවලට දන්වා සිටින ලදී.

ඒ අනුව, රට තුළ ක්‍රියාත්මක වන ඉන්දියානු සමාගමක් වන CEAT සමාගමෙන් ටයර් මිලදී ගන්නා ලෙස රජය විසින් ටයර් බෙදා හරින්නන් වෙත දන්වා සිටියහ.

'රජය විසින් රට තුළ පවතින ටයර් තොග පිළිබඳ කිසිදු ගණනය කිරීමකින් තොරව ටයර් ආනයනයට තහංචි පණවන ලද අතර දේශීය අවශ්‍යතාවයන් සඳහා ලංකාවේ ටයර් නිෂ්පාදන කරන සමාගම් වලින් ටයර් ලබාගන්නා ලෙස අදාල අංශවලට දන්වා සිටින ලදී.''

ඉන්දියානු CEAT සමාගමේ තත්වය !

රජය තේරුම් නොගත් කරුණක් වූයේ සියැට් සමාගමේ නිෂ්පාදනයන්ගෙන් රටට අවශ්‍ය ටයර් ලැබුනේ 50% ක ප්‍රමාණයක් වන අතර පසුගිය කාලය පුරාම ඉතිරි 50% ක් සිංගප්පූරුව, තායිලන්තය, කොරියාව, ජපානය සහ ඩුබායි යන රටවල්වලින් ආනයනය කරන ලද බවයි.

විශේෂයෙන්ම පසුගිය වසර 15 ක පමණ සිට නොයෙකුත් මාදිලියේ වාහන ආනයනය කිරීම නිසා විවිධ ප්‍රමාණයේ ටයර් අවශ්‍යතාවයක් රට තුළ නිර්මාණය වී තිබුණි.

මේ වන විට මගී ප්‍රවාහන බස්, භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් ආදිය සඳහා ටයර් සැපයූ සියැට් සමාගමටද අවශ්‍ය ටයර් ප්‍රමාණය සැපයිය නොහැකි තත්වයක් උද්ගත වී ඇත.

දැන් රජයේ අපේක්ෂාව වී ඇත්තේ හොරණ ප්‍රදේශයේ රජයට සම්බන්ධ නන්දන ලොකුවිතානගේ සතු ටයර් කර්මාන්ත ශාලාවෙන් රටට අවශ්‍ය තොග ලබා ගැනීමටය.

ALTO වර්ගයේ වාහන වලට පවා ටයර් නැහැ !

කෙසේවුවද මේ වන විට බෙන්ස්, ජගුවර් සහ BMW වර්ගයේ වාහන සදහා ටයර් නොමැති වීම නිසා ධාවනය නවතා දමා ඇති අතර මෙරට සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන ALTO වර්ගයේ වාහන වලට පවා ටයර් ලබා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇත.
 

දැනට වෙළෙඳපොළේ නොමැති ටයර් වර්ග සහ ප්‍රමාණයන්.

275/31/21
95/15
285/65/17
265/65/17
285/60/18
195/80/15
255/70/15
255/60/18
165/55/18
70/14
145/80/12
155/12
165/70/14
215/15/16
205/55/17
235/60/38
1000/20 TRUK Tyres.
285/99/22.5 KDH
205/35/19
80/14

මේ අතර 

1000x 20
825/16
825/20
95/15 සහ 85/14 යන ටයර් වර්ග තව සති දෙකක් තුල වෙළෙඳපොළට සැපයීමට නොහැකි වුවහොත් වාහන දහස් ගණනක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවෙනු ඇති බව ටයර් ටියුබ් බෙදාහැරීමේ ප්‍රකට නියෝජිතයෙක් අප සමග පවසා සිටියේය.

එසේම, බැංකුවද පොලිය ගෙවීමේ සහන කාලය අවසන් වීම නිසා බැංකු නිලධාරීන් ව්‍යාපාරිකයින් පසුපස ලුහුබදින නිසා බලවත් පීඩාවකට ලක්ව සිටින බවද ඔහු කියා සිටියේය. 


'රටටම අවශ්‍ය ටයර් මෙරටදී නිශ්පාදනය කරන්න බලාපොරොත්තුවෙනවා' - බැසිල්


Besil GTI               බැසිල් ලෝක ප්‍රකට GTI ටයර් කම්හලෙහි චාරිකාවක
ටයර් ටියුබ් ප්‍රශ්නය මෙසේ ක්‍රම ක්‍රමයෙන් උග්‍ර වෙද්දී, ජනාධිපති කාර්‍ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ පසුගියදා ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස ලෝක ප්‍රකට GTI ටයර් කම්හලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙහිදී ග්ලෝබල් ටයර් ඉන්ඩස්ට්‍රිස් ආයතනයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ ටයර් අපනයනය මගින් රටට ගෙනෙනා විදේශ විනිමය පිලිබඳ ඇගයීමට ලක් කරමින් හා ඉදිරියේ ටයර් ආනයනය වෙනුවට ඊට සරිලන ලෙස ලාංකික වෙළඳපොළටද තම නිෂ්පාදන යොමු කරන ලෙස ද රබර් ගොවියා ආරක්ෂා කරමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම පිලිබඳව හා ආනයන වියදම් අවම කරමින් රට ගොඩනගන්න දේශීය ව්‍යසායක සහාය පිලිබඳවද අදහස් හුවමාරු විණ.

එහිදී බැසිල්  රාජපක්ෂ කියා සිටියේ, ඉතා ඉක්මනින්ම දේශීය අවශ්‍යතාවයට ටයර් නිපදවීම සඳහා අලුත් නිෂ්පාදන  මාර්ගයක් ආරම්භ කරන ලෙසය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ටයර් බෙදාහරින ව්‍යාපාරිකයින්ට දන්වා ඇත්තේ තව නොබෝ දිනකින් ටයර් ප්‍රශ්නය විසඳන බවයි.

ජනාධිපති 'අන්දවලා' ද ? මුරණ්ඩුකම ද ?

P.B 2020.09.10
ව්‍යාපාරිකයින් හා පරිභාගිකයින් අසරණ කරමින් රටතුල මෙවැනි තත්වයන් මතුව ඇත්තේ, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිලිබඳ ජනාධිපතිවරයාට උපදෙස් දෙන ඇතැමුන්ගේ වැරදි උපදෙස් නිසාද, එසේ නැතහොත් තමා විසින් ගත් තීන්දුවක් වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තුල ඇති මුරණ්ඩු ගති ස්වභාවය නිසාද යන්න ආණ්ඩුවට පක්ෂපාති ව්‍යාපාරික ප්‍රජාවගේ ද කතාබහට ලක්වෙමින් තිබේ.

කෙසේ වෙතත් රජය විසින් ටයර් ආනයනය සීමාකර තිබීම හේතුවෙන් පාරිභෝගිකයාගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල බරපතල අපහසුතාවක් පැනනැඟී තිබෙන බව විද්‍යමාන වේ. 

ප්‍රවාහන පද්ධතියට සිදුවන මෙවන් අහිතකර බලපෑම් සමස්ත ආර්ථික දේශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්