වත්මන් නායකත්ව මත විශ්වාසය තබා අලුත් ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව

ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ පවුල යළි බලයට ගෙන ඒමට වෙහෙසුණු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

උන්වහන්සේ පවසන්නේ, අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම කිසිඳු ලෙසකින් සුදුසු නොවන බවයි.

හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ එම කාරණය අවධාරණය කළහ.

සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවද උන්වහන්සේ සඳහන් කළහ.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් බවත් උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

 

'20 බැරිනම් 19 ම තියාගන්න'  -ජනාධිපති ඇමතියන්ට 'තගක් දමලා'!

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ අදහස් වලට ඇහුම්කන් නොදී තමා ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනය කෙටුම්පත සම්මත කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආවේගශීලීව කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇතැයි 'අනිද්දා' සති අන්ත පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත.

 තමා ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධන කෙටුම්පත වෙනස් කිරීමට තමා දැඩිව විරෝධය දක්වන බවත්, පවතින කෙටුම්පත සම්මත කළ නොහැකි නම් 19 වැනි සංශෝධනය යටතේ ම කටයුතු කරන ලෙසත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

තමන්ට විශාල ජනතාවක් ලැබී තිබෙන බවත් මෙම යෝජනාව ගෙන එන්නේ එම ජනවරම අනුව බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

20 වැනි සංශෝධනය සකස් කරන කෙනෙක් නැතැයි පැවති සංවාදයට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එහි වගකීම් තමන් බාර ගන්නා බවයි.

 

විස්සේ ආනිසංස මෙන්න !

# බැදුම්කර හොරු අල්ලන්න තහනම් /මහ බැංකුව මංකොල්ල කෑමට ඉඩ
# අල්ලස් හෝ දූෂණ වංචා සිදුකිරීමට රාජ්‍ය ආයතන 125කට ව්‍යවස්ථාවෙන්ම අවසර
# රාජ්‍ය පාලකයන් සහ හිතවතුන්ගේ අකටයුතුකම් ගැන නීතියේ හෝ අධිකරණයේ පිහිටක් නැත.
# සීමාවක් නැති ඇමති මණ්ඩලයක්! නඩත්තුව ඔබට බාරයි.
# එක රටක් - නීති හැටක්!

 

සබැඳි පුවත් :

'විස්සේ වෙනසක් නෑ' - ජනාධිපති ආවේගයෙන් ගුගුලයි : මහින්ද කමිටු යෝජනා කුණු කූඩයට ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image