ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු  නිලධාරීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දේශපාලනඥයන්ගේ ආරක්ෂාව

සදහා යොදවා ඇති බව අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් හෙළි කර තිබේ.

"ගරු කථානායක තුමනි, පොලිස් නිලධාරීන් ඉන්නේ පොලිස් රාජකාරි කරන්න. දැන් අද මන්ත්‍රීවරුන් සහ අනෙකුත් අය සදහා පොලීසියේ ඉන්නේ අසුපන්දාහයි. එයින් තිස් අටදාහක්ම දීලා තියෙන්නේ ඒ සදහා. "

වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 බදාදා පාර්ලිමේන්තුවේදී ඒ බව සදහන් කළේ, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඇමැති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසා සිටි පැනයට පිළිතුරු ලෙසිනි.

පාර්ලිමේන්තු නියෝජිතයන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අරගලයක් කරන මොහොතක ඔවුන්ගේ ඇමැති ආරක්ෂක නිලධාරීන් අඩු කර තිබෙන බව පැවසු  මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබුනේ එය පාර්ලිමේන්තු නියෝජිතයන් 225 ටම කළ බරපතල තර්ජනයක් බවයි.

පාර්ලිමේන්තු නියෝජිතයන් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අරගලයක් කරන මොහොතක ඔවුන්ගේ ඇමැති ආරක්ෂක නිලධාරීන් අඩු කර තිබෙන බව පැවසු  බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබුනේ එය පාර්ලිමේන්තු නියෝජිතයන් 225 ටම කළ බරපතල තර්ජනයක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජනයා කෙරෙහි  විශ්වාසයක් නොමැතිකමින් පොලිස් නිලධාරීන් ඉල්ලා සිටින බව එහිදී දැඩි ස්වරයෙන් පැවසු රාජ්‍ය අමාත්‍ය  චමල් රාජපක්ෂ තව දුරටත් අවධාරණය කර තිබුනේ මන්ත්‍රීවරුන්ගේ  ෆයිල් සහ බෑග් උස්සාගෙන යෑම සදහා පොලිස් නිලධාරීන් ලබා දිය නොහැකි බවයි.   “නෑ, දෙන්නේ නෑ!” කියමින් අමාත්‍යවරයා මන්ත්‍රී ආරක්ෂාව වැඩි කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මන්ත්‍රීවරුන්ට පමණක් නොව රටේම ජනතාවට ආරක්ෂාව සලසන බවට ජනපති, අගමැති වැඩිමල් සොයුරු හිටපු කතානායක චමල් රාජපක්ෂ එහිදී පෙරොන්දු විය.

ඔහු වැඩි දුරටත් පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබුනේ ඇතැම් පොලිස් කොට්ඨාශ තුළ පොලිස් රාජකාරි කිරීම සදහා පොලිස් නිලධාරීන් නොමැති බවයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ දේශපාලනයට අවතීරණය වීමට පෙර කලක් පොලිස් සේවයේ නිරත වුවෙකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්