අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන් රක්ෂිත බන්ධනාගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප කොන්දේසි මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්

අධිකරණය මිට මොහොතකට පෙර නියෝගකර ඇත.

පසුගිය අගෝස්තු මස 31 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් 01 වැනිදාය.

ඔහුට එරෙහිව එම ඒකකය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ චෝදනා වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ යටතේ අධිකරණයට බලපෑමක් වන ප්‍රවෘත්ති සිය වෙබ් අඩවියේ පළකිරීම, එම වෙබ් අඩවියේ ඇඞ්මින් (පාලක)වරයා ඔහු බව පිළිගැනීම හා පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ රටේ පොදු යහපත අස්ථාවර කිරීමට කටයුතු කිරීමයි.

අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාල  ඒකකයේ නිලධාරීන් ඔහුගේ පරිගණක, ජංගම දූරකථන හා අනෙකුත් උපාංග සිය බාරයට ගනිමින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යැයි කියා රැගෙන ගොස් තිබිණ.


සබැඳි පුවත් :

1- අලුත් අනතුරු සංඥා කියා දෙන මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් යලි රිමාන්ඩ්!

2- මාධ්‍යවේදී ඩෙස්මන් අත්අඩංගුවට ගැනීම: තොරතුරු බෙදා හැරීමේ යුද්ධයට මුනිස්සම් නැතිව අවතීර්න වීමෙන් වලකින්න!- නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක 

3 -විපක්ෂ මන්ත්‍රීණි රෝහිණී ගෙන් විපක්ෂයට බරපතල චෝදනාවක් ! 

4- 'ඩෙස්මන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යවේදීන් තැතිගන්වන සුළුයි'

5- වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් දින 14කට රිමාන්ඩ් : ''බුද්ධි සේවය හා රහස් පොලිසිය අතර ගැටුමක්'' 

6- ''චතුරංග අත්අඩංගුවට ගැනීම වැරදියි, එත් හරිම කුපාඩි කතාවක්...'' 

7 -සජිත්ගේ පක්ෂයේ වෙබ් කතුවරයා අත්අඩංගුවට ගැනීමේ චෝදනාව මෙන්න? 

8 -වෙබ් කර්තෘ ඩෙස්මන් චතුරංග අත්අඩංගුවට... ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්