අයවැයේ දී වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා
ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 215ක ණයක් ලංකා බැංකුව අනුමත කර ඇත.
 
එම සමාගම මෙම ණය ඉල්ලීම් කිරීම මාතර කටුවන ශාඛාවෙන් සිදුකර ඇති අතර එම ණය ඉල්ලීම ලංකා බැංකුවේ ණය අනුමත කරන කමිටුව සැප්තැම්බර් 9 වනදා අනුමත කර තිබේ.
 
 දකුණු පළාතේ ලංකා බැංකු ශාඛාවක් ලබා දෙන විශාල ම ණය වශයෙන් එය ඊට සම්බන්ධ බැංකු ණය ලියකියවිලිවල දැක්වේ.
 
 මෙම ණය ලබා දීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික ඇප සලකා බලා ඇත.
 
එම ණය ඉල්ලීමේ සඳහන් වන්නේ අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි.
 
 බැංකුවේ එම ඉල්ලීමට අනුමැතිය දෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව බව ණය ලියවිලි අනුව පෙනේ.
 
''එම ණය ඉල්ලීමේ සඳහන් වන්නේ අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි. බැංකුවේ එම ඉල්ලීමට අනුමැතිය දෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව බව ණය ලියවිලි අනුව පෙනේ.''
 
මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින්  සිගරට් 10,000 කින් යුත් ගෝල්ඩ් ලීෆ් සිගරට් පෙට්ටි 5000 ක් ද ඩන්හිල් පෙට්ටි 160ක් ද මිලදී ගැනීමට අදහස් කර ඇත.
 
 එමගින් ඉපයීම්ට අදහස් කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 කි.
 
 මේ ණය මගින් බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇති ලාභය රුපියල් මිලියන 85 කි.
 
මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ ගෙන් විමසීමට උත්සාහ කළ ද ඔහුව දුරකථනයෙන්  සම්බන්ධ කරගැනීමට නොහැකි වූ අතර,  ඉහළ නිලධාරීයෙක් ගෙන් කරන ලද විමසීමකදී නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම්ට අකැමැත්ත පළ කළේය.
 
(අනිද්දා - ලසන්ත රුහුණගේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්