උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණක් බව පවසමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින්

 
මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
 
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. 
 
 මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඔහු විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පෙරේදා (ජනවාරි 13) දිනයේදීය.
 
 

5f8d88e6b22c4 5f8d8818eb943 5f8d87ff32034 Baduyudeen       සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් (පා.ම.)

 
 
එම ලිපියේ මෙසේ සඳහන් වේ.
 
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූහ. 
 
එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය නොවීම නිසා, එම ජනතාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස වලද ඔවුන් තාවකාලිකව පදිංචිව සිටිති. 
 
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු පෙර පැවති මැතිවරණ කිහිපයකදී පොකුරු ඡන්ද මධ්‍යස්ථාන ඇති කර උතුරු පළාතේ ඡන්දදායකයන් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට පහසුකම් සපයා තිබිණ.
 
එහෙත් මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවක් දැන ගැනීමට ඇත. 
 
 
 
 
''මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවක් දැන ගැනීමට ඇත. ''
 
එයට හේතුව ලෙස එම ඡන්දදායකයන් පදිංචිවී සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බව සඳහන් කර තිබේ. 
 
උතුරු පළාතේ පදිංචි ජනතාවට තම මුල් ගම්බිම්වල ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන බවත්, මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් බවත්, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපියේ සඳහන් වේ.
 
ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමට සහ ඔවුන් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තිබේ. 
 
එය ඡන්දහිමියාගේ අභිමතය සහ කැමැත්ත පරිදි තීරණය විය යුතුය. එමෙන්ම එය නීතිමය අයිතියකි. 
 
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරණායක යන මහත්ම මහත්මීන් කොළඹ පදිංචිව සිටියද, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවී සිටින්නේ හම්බන්තොට, පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලය.
 
එබැවින් තමන්ට නිවසක් තිබෙන ස්ථානයක සිය ඡන්දය ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ අයිතියකි. 
 
 
යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව යළි මුල්ගම්බිම්වල පදිංචි වී සිටියද එම ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් නොතිබීම නිසා ඔවුන් පුත්තලම දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින බව මැතිවරණ කොමිසමට දැනුම් දී එම ඡන්දහිමියන් සම්බන්ධයෙන් තීරණ ගෙන තිබුණද, මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා විසින්, නාම ලේඛනවලින් ඡන්ද හිමියන් 7,727 දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙන බව දැන ගැනීමට ඇත.
 
ඒ අතර මන්නාරම නගර  ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඡන්දහිමියන් 2,618 දෙනෙකු, 
 
මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 3,452 දෙනෙකු, 
 
මන්තායි බටහිර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 1,217 දෙනෙකු, 
 
නනාට්ටාන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 457 දෙනෙකු, 
 
මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 342 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත්, එමගින් එකී ජනතාවට අසාධාරණයක් වී ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 
 
 
 
BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?
 

විකුනන්නෙත් නැති බදු දෙන්නෙත් නැති කොළඹ වරායේ ඔට්ටු සෙල්ලම
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්