ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව අද (23) දිනයේ බහුතර ඡන්දයෙන් සභා සම්මත වීමෙන් පසු LNW ඇමතූ දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයෙකු සඳහන් කර ඇත්තේ, මංගල සමරවීර ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීම මෙම ජයග්‍රහණයට ප්‍රබලතම හේතුවක් වූ බවයි.
එසේ පවසා ඇත්තේ, Tamils for conservative සංවිධානයේ සභාපති, ආචාර්ය අර්ජුන් සිවානන්දන් ය.
ඔහු පවසන්නේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළේ නම් කිසි ලෙසකින් හෝ මෙම යෝජනාව සම්මත නොවනු ඇති බවයි.
අවම තරමින් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නම් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි රටවල් රැසක මතය වෙනස් කිරීමට සමත් වනු ඇති බවද සිවානන්දන් පවසයි.
2016 වසරේ සිට මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් මංගල සමරවීරගේ මැදිහත්වීම හේතුවෙන් එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට දෙමළ ඩයස්පෝරාව අසමත් විය.
අර්ජුන් සිවානන්දන් පවසන්නේ, ඩයස්පෝරාව මතු කරන සෑම ප්‍රශ්නයකටම සිය පෞද්ගලික සබඳතා පවා භාවිතා කරමින් මංගල සමරවීර කටයුතු කළ බවයි.
මංගල සමරවීර දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම ලොවපුරා විසිර සිටින සමස්ත දෙමළ ඩයස්පෝරාව ලැබූ විශාලතම ජයග්‍රහණය බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සමස්ත දෙමළ ඩයස්පෝරාවේම සතුටුවිය යුතු බවද ඔහු පවසයි.
වත්මන් රජයේ සිටින කිසිඳු ඇමතිවරයෙකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිළධාරියෙකුට හෝ මංගල සමරවීර සිදුකළ කාර්යභාරයට ලංවීමටවත් හෝ නොහැකි වූ බව පෙන්වා දෙන සිවානන්දන් පවසන්නේ, එය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඩයස්පෝරාවේ වාසියට හේතු වූ බවයි.
(උපුටා ගැනීම - lankanewsweb.net)
The Leader TV
සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?
පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!