ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම
අත්හිටවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති, කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.
 
‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට ලබාදීම සුදුසු නොවන බවට වෛද්‍ය විශේෂඥයන් පවසා තිබෙන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයන් වැඩි සංඛ්‍යාවක් වයස 30 ට අඩු තරුණයන් බව ද මහාචාර්යා කියා සිටියි.
 
එංගලන්තය ‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටුවා තිබෙන බව පවසන මහාචාර්වරයා, අනවශ්‍ය අවදානමක් නොගතයුතු යන මතයේ තමන් සිටින බව කියා සිටියි.
 
ශ්‍රී ලංකාව තුළ කිසිම විටක ‘ඇස්ට්‍රෝසෙනිකා’ එන්නත වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට පාවිච්චි කර නොමැති බවත් බංග්ලාදේශ සංචාරයෙන් පසුව ක්‍රිකට් ක්‍රිඩකයන්ට වෙනත් එන්නතක් ලබාදීමට අවදානය යොමු කරන බව ද ඔහු පවසයි. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොවිඞ් -19’ මර්දන එන්නත ලබාදීමට පෙරේදා (11) දින නියමිතව තිබුනි.
 
දැනට COVID-19 වසංගතයට එරෙහිව විවිධ සමාගම් ගණනාවක් සිය වැක්සීන ජාත්‍යන්තර ඖෂධ වෙළඳපොළට ඉදිරිපත් කර තිබේ.
  
මේවා නම්, BioNTech, Fosun Pharma, Pfizer යන සමාගම් ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලද Comirnaty, Moderna Biotech සමාගම විසින් නිපදවන ලද Covid-19 Vaccine Moderna, AstraZeneca සමාගම විසින් නිපදවන ලද AstraZeneca/Covid-19 (පසුව මෙහි නම Vaxzevria නමින් වෙනස් කරනු ලැබිණි.), Janssen-Cilag/Johnson und Johnson සමාගම් විසින් නිපදවන ලද Covid-19 Vaccine Janssen, රුසියාවේ ගම්ලයා සමාගමේ ලද Sputnik V, චීනයේ Sinovac, AstraZeneca සමාගම සහ ඉන්දියාවේ පූනේ හි Serum Institute of India (SII) සමාගම ඒකාබද්ධව නිෂ්පාදනය කරන Covishield, ආදිය වේ.
 
ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලබන්නේ Oxford- Astra zeneca සමාගම සහ ඉන්දියාවේ පූනේ හි Serum Institute of India (SII) සමාගම ඒකාබද්ධව නිෂ්පාදනය කරන Covishield නම් වැක්සීනයයි. 
 
එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන COVAX බෙදාහැරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකාවට ලබා දී තිබේ.

 

 

 


 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්