කෝවිඩ් 19 වසංගතය තුළ අන්ත අසරණව සිටින ජනතාවට තවත් බර පටවන්න එපා
යයි කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක රජයෙන් ඉල්ලා සිටියි.
 
මේ අවස්ථාවේදී දේශපාලනය හා ව්‍යාපෘති පසෙකලා ජනතාවගේ බඩගින්න නිවීම වැදගත් බව ඇය කියා සිටියි.
 
කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී සහ කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා වියළි සලාක මලු 115,000ක්  බෙදාදීම සිදු කරමින් පවතීන අතර අද දින ඇය එම වියළි සලාක මලු බෙදා දෙන ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
 
64 1 
 
 
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙසේ පැවසුවාය.
 
'' කොළඹ නගරයේ ජනතාවගෙන් 60% පමණ සිටින්නේ දෛනික වැටුපෙන් ජීවත්වන පිරිසක්. ඒ අයට මේ වන විට තම ජීවනෝපාය මාර්ග අහිමි වෙලා තියෙනවා. මම පෞද්ගලිකව මැදිහත් වෙලා නගර සභාව හරහා සිදුකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති ගණනාවක් නතර කරලා ජනතාවගේ බඩගින්න නිවන්න පවුල් 115,000 ක් සඳහා වියළි ආහාර මලු ලබා දීමට කටයුතු කළා.
 
මේ අවස්ථාවේදී දේශපාලනය සිදු කරනවාට වැඩිය, ව්‍යාපෘති සිදු කරනවාට වැඩිය, ජනතාවගේ බඩගින්න නිවන එකයි වැදගත් වෙන්නේ. 
 
මේ අවස්ථාවේදී ජනතාවට ලබා දිය හැකි සාමාන්‍ය පහසුකම් හැකි අයුරින් ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා.
 
නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට අවශ්‍ය බෙහෙත් ජංගම වෛද්‍ය සායන හරහා ඔවුනට ලබා දීම ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මේ වන විට සිදුකරගෙන යනවා. 
 
ගංවතුරින් පීඩා විඳි ජනතාව සඳහා දිනකට ආහාර පාසල් 10,000ක් ලබා දීමට කටයුතු කළා. මහජන ආධාර දෙපාර්තමේන්තුව හරහා පවුල් 13,000 කට මහජන ආධාර මුදල් ලබාදීමට කටයුතු කළා.
 
 
රුපියල් 5000 දීමනාව - ජනපතිට ආයාචනයක් 
 
  
රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව මේ වනවිට කොළඹ නාගරික බල ප්‍රදේශයේ බොහෝ පිරිසකට ලැබි නැතැයි පැවසු නගරාධිපතිනිය, මේ වන විට එම මුදල ලැබී තියෙන්නේ විශේෂ අවශ්‍යතාවයන් තියෙන ජන කොට්ඨාශයකට පමණක් බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් සඳහන් කළාය.
 
 
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදිය යුතු ඒ රුපියල් 5000 හැකි ඉක්මනින් අපක්ෂපාතීව, දේශපාලන භේදයකින් තොරව, විශේෂයෙන්ම ග්‍රාමීය කමිටු හරහා  හැකි ඉක්මනින් ජනතාවට ලබා දිමට කටයුතු කරන්න ලෙස නගරාධිපතිනිය රජයෙන් ඉල්ලා සිටියා ය.
 
'' මේ වනවිට ජනතාව ඒ තරමටම අසීරු තත්ත්වයකට පත් වෙලා සිටින්නේ. අපි නගර සභාවක් හැටියට මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ අනෙකුත් දෙපාර්තමේන්තු සියල්ලම අපේ රාජකාරිය නොපිරිහෙලා කෝවිඩ් කියලා බලන්නැතුව මරණයත් එක්ක සටන් කරමින් සේවය සිදුකරමින් සිටින්නේ. 
 
අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපට ලබාදිය යුතු සහන ටික අපට ලබා දෙන්න කියන එක. මේ අවස්ථාවේදී ජනතාව ඉතාමත් අසීරු තත්ත්වයකින් ඉන්නේ. '' යයි ද ඇය සඳහන් කළාය.
 
 
ඉන්ධන මිල වැඩි වීම :
 
 
ඉන්ධන මිල වැඩි වීම ගැන තමා බලවත් සේ කනගාටුව ප්‍රකාශ කර සිටින බව ද කොළඹ නගරාධිපතිනිය එහිදී පැවසුවාය.
 
''ජනතාවගේ බඩට වැදිලා තියෙන අවස්ථාවකදී මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල වැඩි උනොතින් අපි මේ ලබාදෙන වියලි ආහාර පාර්සලයේ මිල පවා වැඩි වෙනවා. ඉන්ධන මිල වැඩි වීමත් සමග අනෙකුත් සියලු සේවාවන් සහ භාණ්ඩවල මිල වක්‍රව ඉහළ යනවා. ඉන්ධන මිල පාලනය කර ගැනීමේ හැකියාවක් අපට තිබිය යුතුයි. මේ අවස්ථාවේදී නම් ජනතාවට තවත් බර පටවන්න එපා කියලා මම රජයේ ඉල්ලා සිටිනවා.'' යයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
 
 
2 1517 
 
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්