''සිලෝන් ටී'' සන්නාමය විනාශයේ දොරකඩට පැමිණ ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අනතුරු අඟවා සිටියි.
 
අපනයන තේ මිල ජූලි තුන් වන සතියේ තවදුරටත් පහත වැටී ඇති බව පවසන රජිත් කීර්ති තෙන්නකෝන්, ‘සිලෝන් ටී‘ තත්වයෙන් බාලවීම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බව සඳහන් කරයි.
 
කර්මාන්ත ශාලා වෙත දෛනිකව ලැබෙන දළු ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි ද ඔහු පවසයි.
 
හිටපු ආණ්ඩුකාරවරයා එම කරුණු සඳහන් කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි.
 
''පොහොර ගේන්න ඩොලර් මිලියන 250 ක් නැති ආණ්ඩුව කිරි පිටි ගේන්න ඩොලර්මි ලියන 333 ක් වැය කරනවා'' යයි ද ඔහු එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''පොහොර නැති නිසා නිෂ්පාදන තත්වය බාලයි.  උඩරට තේ විනාශයි''
 
 
ජූලි 19 හා 20 තේ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ කිලෝ මිලියන 6.8 ක් පමණී.  පෙර සතියේ තේ අලෙවිය කිලෝ මිලියන 7.1 ක් විය.
 
පසුගිය සතියේ පහත රට තේ කිලෝවක් සඳහා රු. 630.10 ක සාමාන්‍ය මිලක් ලැබී ඇත. එය පසුගිය සතියට වඩා 7.7% මිල ඉහල යාමකි. 
 
රසායන ද්‍රව්‍ය හිඟයෙන් දැඩිව බැට කන උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රු. 545.47 කි.  එය පසුගිය සතියටත් වඩා රු. 20 – 30 අතර අඩුවකි. ඌව තේ මිල ස්ථාවර මට්ටමක පැවතිනි.
 
 
වාර්ෂිකව පොහොර ගෙන්වීමට ඩොලර් මිලියන 250 ක් වැය වන අතර, කිරි (පිටි) ඇතුළු නිෂ්පාදන ගෙන්වීමට ඩොලර් මිලියන 333 ක් වැය වේ. ඩොලර් හිඟය නිසා රජය පොහොර ගෙන්වීම තහනම් කළ නමුත් කිරි පිටි ගෙන්වීම සීමා කළේ නැත.
 
 
‘කාබනික තේ නිෂ්පාදනය කරමු‘ යැයි දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන නමුත් සතිපතා තේ මිලත්, නිෂ්පාදනයත් පහත වැටෙමින් ඇත. තේ නිෂ්පාදනයේ සිව්වන විශාලතම පංගුව ලංකාවට හිමිය. චීනය, ඉන්දියාව හා කෙන්යාවට අපට ඉදිරියෙනි. 
 
තේ අපනයනයෙන් ලංකාවට වසරකට ඩොලර් මිලියන 712 ක් උපයන විට ඉන්දියාව ඩොලර් මිලියන 692 ක් ඉපැයීය.  තවදුරටත් ලංකා තේ තත්වය හා නිෂ්පාදනය පහත වැටෙන්නේ නම්, ඉන්දියාව තේ වෙළෙදාමේ දී අප පසුකර යනු ඇත.
 
වැරදි ප්‍රතිපත්තිමය තීරණයක් වසර 150 ක් ගොඩ නැගු ‘සිලෝන් තේ‘ සන්නාමය විනාශ කරනමින් සිටී.''
 

THE LEADER TV 
 
 
අහෝ ශ්‍රි ලංකා ???- නාමල්ගේ ජපන් සවාරිය !
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්