සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මේ අතර කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබේ.
ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.
වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.
රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.
එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය.
ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ.
THE LEADER TV
වසංගත සමයේ හෘද රෝගීන්ට උපදෙසක්
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම!