බරපතල දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 
අද දිනයේ NEXTV  නාලිකාවේ NEX voice වැඩසටහනේදී මාධ්‍යවේදි ශානුක කරැණාරත්න සමඟ පැවති සාකච්ජාවකට එක් වෙමින් එබව කියා සිටියේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යි.
 
ශ්‍රී ලංකාවේ සිටින විවිධ ජන වාර්ගික කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් රටේ ප්‍රධාන පුරවැසියන් ලෙස පිළිගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. 
 
78 වන ව්‍යවස්ථා ආර්ථික ප්‍රතිපත්තියෙන් සමාජ ගැටලු විසඳිය නොහැකි බව හා රටේ පවතින ආර්ථික සමාජ ගැටලු විසදීම සඳහා ජනතාවට වැඩදායී නව ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බව ඔහු පවසනවා. 
 
තවද රජයේ පොදු මැදිහත්වීමෙන් නිදහස් වෙළඳ පළක් සහිත ආර්ථික වැඩපිළිවලක් ආර්ථික විශේඥයින්ගේ උපදෙස් මත සැකසිය යුතු බවයි කේ.ඩී. ලාල්කාන්ත සාකච්ජාවේදී අවධාරණය කළේ.
 
තම පක්ෂයට පාලන බලය ලැබුණු වහාම හොරකම, දූෂණය සහ මහජන දේපල හොරකම් කිරීම නවතා දමන බව ඔහු මෙහිදී පැවසුවා.
 
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින සමාජ සංස්කෘතික ප්‍රශ්ණ විසදීමට දේශපාලන ආර්ථික විශේඥයින් මැදිහත් විය යුතු යැයි ද ඔහු සඳහන් කරනවා .
 
ජාතික හා ජාත්‍යන්තර තත්වයන් සළකා බලා ප්‍රබල දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මත කළ යුතු බවයි ලාල්කාන්ත මහතා අවධාරණය කළේ.
 
 
 
ලිබරල්වාදී ආර්ථික නොවන ජනතාවාදී ආර්ථික ප්‍රතිසංස්කරණයකුත් අධිකාරීවාදී දේශපාලන නොවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකුත් එකට සම්බන්ධ කළ නව වැඩපිළිවලකුත් ක්‍රියාත්මක කිරීමට සියලුම කොටස් එකතු විය යුතු බවයි ඔහු කියා සිටියේ.
 
ඒ සඳහා සියලුම ජන කොටස් පොදු වැඩපිළිවලක් යටතට ඒකාබද්ධ කොට එහි මූලිකත්වය ජනතා විමුක්ති පෙරමුණට ලබා දිය යුතු බව ඔහු අවසන් වශයෙන් පෙන්වා දුන්නා
 
මේ වන විට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වන වඩාත් විශ්වාසනීය කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ බවත් ඊට වඩා හොඳ බලවේගයක් තිබේනම් තම පක්ෂය විසුරැවා ඊට එක්වීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කරනවා.
   

THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්